ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW :

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය 1954 වර්ෂයේදී නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ.

මෙම වර්ෂයේදීයි දෙපාර්ශ්වය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 72 වන සංවත්සරය සමරනු ලැබුවේ.

එම කාලසීමාව තුළ දේශපාලන, ආර්ථික, සමාජ – සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික හා පුද්ගල සබඳතා මඟින් ශක්තිමත් වූ දෙරට අතර සබඳතාව, සක්‍රීය හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇත.

දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, පාරිසරික, කොන්සියුලර් සහ සංස්කෘතික ආදී අංශයන්හි සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ බහුපාර්ශ්වික කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ද යෝජනා කර ඇත.

ඒ අනුව දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...