ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ස්පාඤ්ඤය විසින් වයස 16ට අඩු දරුවන්ට ඩිජිටල් වේදිකා හේතුවෙන් සිදුවන බලපෑම මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අද(03)දිනයේදී ඩුබායි හි පැවති ලෝක ආණ්ඩු සමුළුව අමතමින් ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් සඳහන් කර තිබුණේ, අපේ දරුවන් ඇබ්බැහි වීම, අපයෝජනය, අසභ්‍ය දර්ශන, හැසිරවීම සහ ප්‍රචණ්ඩත්වයේ අවකාශයක් වෙත නිරාවරණය වීම වැලැක්වීමට මෙම තීරණය ගනු ලැබූ බවත්, සිය රට නීති විරෝධී හෝ වෛරී අන්තර්ගතයන් ඉවත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විධායකයින් අපරාධකාරී ලෙස වගකිව යුතු බවට පත් කිරීම සඳහා තම රජය නීති සම්මත කිරීමේ ක්‍රියාවලිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවයි.

ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට් සහ එක්ස් ඇතුළු වේදිකා 10 කට ප්‍රවේශ වීම තහනම් කරමින් ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 න් පහළ අය සඳහා සමාජ මාධ්‍ය තහනමක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට වේ. බ්‍රිතාන්‍යය ද මේ හා සමාන පියවරක් සලකා බලමින් සිටින අතර, ප්‍රංශය සහ ඩෙන්මාර්කය මෑතකදී වයස අවුරුදු 15 න් පහළ අය සමාජ මාධ්‍යවලට ප්‍රවේශ වීම නැවැත්වීමට සැලසුම් ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රංශයද මේ හා සමාන ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිටින අතර යුරෝපයේ අනෙකුත් රටවල් ද මේවන විට සමාජ මාධ්‍ය සමාගම් සම්බන්ධයෙන් දැඩි ප්‍රවේශයක් ගනිමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...