පාස්පෝට් කන්තෝරුව ළඟ සල්ලි ගරන තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Date:

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් කාර්යාලයෙන් විදෙස් ගමන් බලපත් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට උපකාර කළ හැකි බව පවසමින් ඔවුන්ව රවටා මුදල් ලබාගැනීමේ සහ ව්‍යාජ ලේඛන සකස් කරදීමේ නිරතව සිටි තැරැව්කරුවන් බව පැවසෙන පුද්ගලයින් 4 දෙනෙකු තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ, වත්තල සහ කොළඹ 11 යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකි.

ව්‍යාජ ලේඛන සැකසීම, ඒ සඳහා පුද්ගලයින්ගෙන් මුදල් බලහත්කාරයෙන් ලබාගැනීම සහ අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබාගැනීම යන චෝදනා යටතේ පෙබරවාරි 01 වනදා ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට ගැවසෙන තැරැව්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවයි තලංගම පොලීසිය සඳහන් කළේ.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...