පාස්පෝට් කන්තෝරුව ළඟ සල්ලි ගරන තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Date:

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් කාර්යාලයෙන් විදෙස් ගමන් බලපත් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට උපකාර කළ හැකි බව පවසමින් ඔවුන්ව රවටා මුදල් ලබාගැනීමේ සහ ව්‍යාජ ලේඛන සකස් කරදීමේ නිරතව සිටි තැරැව්කරුවන් බව පැවසෙන පුද්ගලයින් 4 දෙනෙකු තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ, වත්තල සහ කොළඹ 11 යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකි.

ව්‍යාජ ලේඛන සැකසීම, ඒ සඳහා පුද්ගලයින්ගෙන් මුදල් බලහත්කාරයෙන් ලබාගැනීම සහ අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබාගැනීම යන චෝදනා යටතේ පෙබරවාරි 01 වනදා ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට ගැවසෙන තැරැව්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවයි තලංගම පොලීසිය සඳහන් කළේ.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා සක්‍රීය වන්නේ කවදාද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW: පසුගිය දා පැවති...

ශ්‍රි ලංකාවට ආධාර ලබා දීමට ඇපල් සමාගම තීරණය කරයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : Apple සමාගමේ ප්‍රධාන...

සියක් ජීවිත මිහිදන්වු තැන …..

සියක් ජීවිත මිහිදන්වු තැනදස සියක් නෙක මල් පිපෙයි.බහක් නොදොඩා...

‘මානසික වධහිංසා ශාරීරික හිංසනයට වඩා බරපතලයි’ උස්මා ඛානුම්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...