ඔලිම්පික් නොයෑම හෙවත් අනෙකාට වෙනස් කොට සැළකීමට රටවල් 40ක් එකතුවන ලකුණු ?

Date:

පසුගියදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) විසින් 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වීමට රුසියානුවන්ට සහ බෙලරුසියානුවන්ට ඉඩ ලබා දෙන බවට නිවේදනය වීමත් සමඟ පෝලන්තයේ ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය Kamil Bortniczuk පවසා තිබුණේ පෝලන්තය, ලිතුවේනියාව, එස්තෝනියාව සහ ලැට්වියාව ඒකාබද්ධව මෙම තීරණය ප්‍රතික්ෂේප කරන බවත් රටවල් 40ක් පමණ ඉදිරියේදී ඔලිම්පික් උළෙල වර්ජනය කරනු ඇති බවත්ය.

පසුගියදා යුක්රේන ජනාධිපතිවරයා විසින් ද රුසියානුවන්ට සහ බෙලරුසියානුවන්ට මෙවර ඔලිම්පික් උළලේ ඉඩ ලබා දෙන්නේ නම්, යුක්රේනයද පැරිස් ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවට අනතුරු ඇඟවීමෙන් පසු පෝලන්ත ක්‍රීඩා අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර තිබිණි.

IOC හි සැලසුම් අවහිර කිරීමට සහය දැක්වීම සඳහා මහා බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු රටවල් 40 ක සන්ධානයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව පෝලන්ත ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ අතර, යුද්ධය අවසන් වන තුරු රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟවලින් ඉවත් කරන ලෙස ඔවුන් සියලු ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන සහ සම්මේලන වලින් ඉල්ලා සිටියහ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC)ප්‍රකාශ කර තිබුණේ, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟයට නැවත පැමිණීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් තවම සිදුවී නොමැති බවත්, වර්ජනය, තර්ජනය කිරීමේ හේතුවෙන් යුක්රේනය හා අනෙකුත් ජාතීන්ට සිය අප්‍රසාදය පලකරන බවත්ය.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබුණේ වර්ජනයක් යනු ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමක් වන බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනස්කොට සැළකීම නොකළ යුතු බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...

ලාල් බබා ….

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල්...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණ වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 16) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

විනිසුරු ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ යෝජනාව සලකා නොබලයි. අභියාචනාධිකරණයට දෙදෙනෙකු පත්කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ...