අපේ සීයට තුන දැන් සීයට හැත්තෑ පහට අසූවට නැගලා. මේක අධි තක්සේරුවක් නෙවෙයි – විජිත හේරත් (VIDEO)

Date:

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය මේ වනවිට 3% සිට 75 – 80% දක්වා වර්ධනය වී ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මෙය කිසිසේත්ම අධි තක්සේරුවක් නොවන බව තරයේ අවධාරණය කළ ඒ මහතා 2024 වසරේදී අනිවාර්යයෙන්ම තම පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාව දැනටමත් පෙළගැසී සිටින බවයි සඳහන් කළේ.

“විධායක බලයත් තියෙනවා, තුනෙන් දෙකේ බලයත් තියෙනවා, 69 ලක්ෂයක ඡන්දයත් හම්බුණා හැබැයි රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තියෙනවා ආණ්ඩුවට. බඩුමිල අඩු කරන්න බැරිවෙලා තියෙනවා, තෙල් ටික දීගන්න බැරිවෙලා තියෙනවා, විදුලිය දීගන්න බැරිවෙලා තියෙනවා, පොහොර ටික දීගන්න බැරිවෙලා තියෙනවා, ඒ නිසා රටේ ජනතාවගේ බරපතළ විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ඔය කියපු සීයට තුන නෙවෙයි අද. අද ඒක සීයට හැත්තෑ පහට – අසූවට නැගලා තියෙන්නෙ”

ප්‍රශ්නය – සීයට හැත්තෑ පහට – අසූවට නැගලා ?

“අනිවාර්යයෙන්ම”

ප්‍රශ්නය – ජවිපෙ විජිත හේරත් අධි තක්සේරුවක නේද මේ ඉන්නෙ ?

“නෑ, නෑ. රටේ ජනතාව අතර ඔය කියපු 69 ලක්ෂය දැන් මේ ආණ්ඩුවට නෑ. සීයට තුන කියන එක එදාට වලංගුයි, අද එහෙම තත්වයක් නෑ. අද රටේ ජනතාව පැහැදිලිවම පෙළගැහිලා ඉන්නෙ ජාතික ජන බලවේගයත් එක්ක. ඒ ප්‍රමාණය දැන් ඉහළ ගිහිල්ලා තියෙන්නෙ. ඒ නිසා සීයට දෙකට වැටිලා තියෙන්නෙ ආණ්ඩුව. ප්‍රසන්න රණතුංගලා නියෝජනය කරන කණ්ඩායම අද එතෙන්ට වැටිලා තියෙන්නෙ ජනතාව ඉස්සරහා. ඒක තමයි මේ වියරු වැටිලා තියෙන්නෙ.

මේ හදන්නෙ මොකක්ද ? 2024 ඊළඟ මැතිවරණය එනවා. මැතිවරණය එනකොට දැන් ජනතාව පෙළගැහිලා ඉන්නෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ හැම කට්ටියම දැන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ එකතු වෙච්ච බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටුවනවා. ඒ ආණ්ඩුව පිහිටුවන එක වළක්වන්න තමයි බිත්තර ගහන්නෙ”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු.....? 🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික...

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර...

ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වෙමු – කොළඹදී විරෝධතාවක්!(PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරයට...

ඉරානයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රති ප්‍රහාර; ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)උදෑසන ඊශ්‍රයල හමුදාව...