මොස්කව් බලධාරීන් යුක්රේන අර්බුදය තවදුරටත් උත්සන්න කිරීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, භටයන් තුන් දහසක් මේ වන විට නැගෙනහිර යුරෝපයට යවා තිබේ.ඔවුන් ජර්මනිය, පෝලන්තය සහ රොමේනියාව යන රටවල ස්ථානගත කර ඇත.
වොෂින්ටනය සහ මොස්කව් අතර පසුගියදා පැවති සාකච්ඡා, තීරණයකින් තොරව අවසන් වීමත් සමග මෙම පියවර ගනු ලැබීය.
මෙහිදී වැඩිම භට ඛණ්ඩයක් එනම් 1,700 කගෙන් යුක්ත පිරිසක් යවා තිබෙන්නේ පෝලන්තය වෙත ය. 1000 ක් දෙනා ජර්මනිය වෙත යවා ඇති අතර, ජර්මනියේ සිට රොමේනියාව වෙත ද භටයන් යවා තිබේ.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, ගත වන සෑම දිනයක්ම යුක්රේනයට එරෙහි සිය හමුදා බලය තර කිරීම සඳහා යොදවමින් සිටියි. මේ අනුව බටහිර රුසියාව, බෙලරුස් සහ මධ්‍යධරණී හා උතුරු අත්ලන්තික් යන කලාපවල ඔහු හමුදා බලය තර කරමින් සිටියි.
පෙන්ටගනය හෙළිදරව් කරන්නේ තවත් ඇමරිකානු භටයන් 8,500 ක් කෙටි දැනුම්දීමකින් යුධ බිම වෙත යා හැකි පරිදි සීරුවෙන් තබා තිබෙන බවයි. ඔවුන් අතරින් බහුතරය ‘නේටෝ ප්‍රතිචාර හමුදාව’ (Nato Response Force (NRF) ) ට අයත් වෙති. කෙසේ නමුත් මෙම භට කණ්ඩය නිල වශයෙන් සක්‍රිය කිරීමට නම් නේටෝ සංවිධානයේ සාමාජිකයන් 30 දෙනාගේ අනුමැතිය ද අවශ්‍ය වේ.
රුසියාව විසින් මේ වන විට යුක්රේන දේශසීමාවට ආසන්නයෙන් 125,000 ක භටයන් පිරිසක් රඳවා තබා තිබේ. තවද හදිසි යුදමය තත්වයකදී අවශ්‍ය කරන උපායමාර්ගික හා සහාය දැක්වීමේ කණ්ඩායම්වලින් භාගයක් ද මේ වන විට රැඳී සිටින්නේ යුක්රේන දේශසීමාව ආසන්නයේ ය.
බෙලරුස් සහ ඔවුන් විසින් 2014 වසරේදී ඈඳා ගත් ක්‍රිමියාව ද මේ වන විට අනාගත යුද්ධයක් සඳහා රුසියාව විසින් භාවිතා කිරීමට නියමිත බව පෙනී යමින් තිබේ.
ප්‍රංශය, ජර්මනිය, ඇමරිකාව යනාදී බටහිර රටවල් විසින් යුක්රේන අර්බුදයට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් මේ වන විට රුසියාව විධිමත් ප්‍රතිචාරයක් සූදානම් කරමින් සිටින බව ද බටහිර මාධ්‍ය සඳහන් කරයි.
Photo: A Ukrainian soldier on the frontline near Avdiivka, in the Donetsk region. Photograph: Anatolii Stepanov/AFP/Getty Images
පෙර ලිපිය