රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

අද (08) පෙරවරුවේදී, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.

එහිදී, ජනාධිපතිවරයා එළවළු සහ අර්තාපල් වගාවට සිදුව ඇති හානිය සහ යළි එම වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳව මෙන්ම, විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද සොයා බැලුණු අතර, එහිදී විශේෂයෙන්ම වතු ආශ්‍රිත මාර්ග ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බව වාර්තා වේ.

තවද, බිඳ වැටුණු විදුලි සහ ජල සැපයුම, සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, කුඹුරු යළි අස්වැද්දීම, සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට ගෙන ඒම, පාසල් යළි ආරම්භ කිරීම සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත..

ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන අතරම රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...