විපතට පත් ජනතාවට සහන සලසන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමු වෙයි.

Date:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew Duckworth මහතා මුණ ගැසුණි.

එහි දී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම, යටිතල පහසුකම් රැසක් විනාශ වීම සිදු වූ බව පැවසීය. එකී යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු මහකොමසාරිිස්වරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේය.

එසේම මේ අවස්ථාවෙ අප රට වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජනරජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඔස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි කටයුතු කළේය.

NEWS CLIP 🧧 https://youtu.be/wmKhZYk-ovA?si=n182wr95Vx51pHFQ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...