කොළඹ LNW:අධිරාජ්‍යවාදීන්ගෙන් මාතෘභූමිය නිදහස් කර ගත් අයුරින්ම ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගැනීම සඳහා සියලු ජාතීන් එක්විම අපේක්ෂා කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.
නිදහස ලබා වසර 77ක කාලයක් ගතවී ඇතත් අපට උරුම වී ඇත්තේ සැබෑ නිදහසක් යැයි ද ගැටලුවක් මතුවී ඇතැයි ද ඒ මහතා පැවසුවේය.
දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ නිදහස් දින සැමරුම නිමිත්තෙන් හිඳගල සීවලී මහ විදුහල් පරිශ්‍රයේදී පැවැති මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවෙමිනි.
හිඳගල සීවලී විදුහලේ බටහිර තූර්යය වාදන කණ්ඩායම විසින් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුලු පිරිස කැඳවා ගෙන පැමිණීමෙන් අනතුරුව ජාතික ධජය ඔසවා ජාතික ගීය වාදනය කිරීමෙන් සැමරුම් උත්සවය ආරම්භ විය. පිළිගැනීමේ නර්ථනය ඉදිරිපත් කරන ලද්දේ ද එම විදුහලේ දූ දරුවන් විසිනි.
එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා, අධිරාජ්‍යවාදීන්ගෙන් මාතෘභූමිය නිදහස් කර ගැනීම මෙන්ම විවිධ පාලන සමයන්හීදී එල්ලවූ සතුරු ආක්‍රමණවලින් භූමිය නිදහස් කර ගැනීම ද සැමරීම අවශ්‍ය යැයි එහිදී පෙන්වා දුන්නේය.
රජවරුන්ගේ සමයන් තුළදී විවිධ ආක්‍රමණ එල්ලවූ බවත් එහිදී විරෝධාර හමුදා සෙබළුන් විසින් රාජ්‍ය රැක ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
ඒ අයුරින් අධිරාජ්‍යවාදීන්ගෙන් හා සෙසු සතුරු බලවේගවලින් රට මුදා ගනු ලැබුවත් අප අපහ හිමිව ඇත්තේ සැබෑ නිදහසක් ද යන්න ප්‍රශ්නකාරී යැයි ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව නව පුනරුද යුගයක් තුළදී ආර්ථික වශයෙන් රට දියුණු කොට පොහොසත් රටක් නිර්මාණය කිරීමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය හිමි විය යුතු යැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් සඳහන් කළේය.
නිදහස් දින සැමරුමට සමගාවීම රුක් රෝපණය කිරීම සහ පාසල් සඳහා පොත් පත් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදුවිය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සීවලි විදුහලේ විදුහල්පති, ආචාර්යය මණ්ඩලය හා දූ දරුවන් හා ප්‍රදේශවාසීන් රැසක් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර