*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/02

ශ්‍රී ලංකාව අද සිය 75 වැනි ජාතික නිදහස් සංවත්සරය සමරයි!


1. චීනයේ විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක මාඕ නින්ග්(Mao Ning), “ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගසන” බවට එක්සත් ජනපදයට චෝදනා කරයි – “අවංකභාවය පෙන්වමින් ශ්‍රී ලංකාවට උදව් කිරීමට යමක් කරන ලෙසත්” එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී: ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනයේ උපරිම හැකියාවෙන් ආධාර සපයන බව ද ප්‍රකාශ කරයි.

2. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සර උත්සවය වර්ජනය කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි – රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක මෙවැනි ක්‍රියාකාරකම්වල නියැලීම මුදල් නාස්තියක් බව ද ප්‍රකාශ කරයි.

3. ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දන්වයි – අපේක්ෂිත වර්ෂාපතනය අත්විඳ නොමැති බැවින් සහ පවතින ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය බැවින් භාවිතා කළ හැක්කේ ජල පරිමාවෙන් 50% ක් පමණක් බව ප්‍රකාශ කරයි.

4. අ.පො.ස (උ/පෙළ) විභාග කාල වලදී විදුලිබල මණ්ඩලයට විදුලි කප්පාදුවක් පැනවීමෙන් වලකින ලෙස මානව හිමිකම් කොමිසමේ ඉල්ලීම මත පැනවූ අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි – පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් නැවත පැනවීමට ලංවිම මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලයි: මේ අතර මහජන උපයෝගිතා කොමිසමෙහි සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙති.

5. පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

6. තමන් පොලිස් අත්අඩංගුවේ සිටියදී තමාව ඝාතනය කිරීමට පොලිසියට සැලසුමක් තිබූ බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයෙහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ චෝදනා කරයි.

7. සුරතල් සුනඛයෙකු අපයෝජනය කිරීම සම්බන්ධ සමගි ජන බලවේගයෙහි සාමාජිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ආන්දෝලනාත්මක වීඩියෝවක් මාධ්‍ය වෙත කාන්දු කිරීමත් සමඟ පසුගිය මාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ යළි එම තනතුරට පත් කර තිබේ.

8. මැතිවරණ කොමිසම හෑල්ලූවට ලක්කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆ්රල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා චෝදනා කරයි – මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම ප්‍රමාණවත් ලෙස කටයුතු කරන්නේ දැයි ජනතාව සැක කරන ආකාරයේ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ක්‍රියාකාරකම් සිදු කරන බවට රජයට චෝදනා කරයි.

9. මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි.

10. ප්‍රධාන වශයෙන් තෙල් නැව්ගත කිරීම් සඳහා ගෙවීම් ප්‍රමාද වීමෙන් සිදුවන පාඩු පියවා ගැනීම සඳහා පෙට්‍රල් මිල රුපියල් 30 කින් වැඩි කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි – එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හට අමතර ප්‍රමාද ගාස්තු, වරාය ගාස්තු සහ නැව් ගාස්තු ගෙවීමට සිදුව ඇති බව පවසයි: මෙම වියදම් පියවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මිල වැඩි කිරීමට බලකර ඇති බව ද පැහැදිලි කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan