අග්‍රාමාත්‍යවරයාගේ නිදහස් දින පණිවුඩය‍

Date:

ශ්‍රී ලාංකිකයන් අභිමානයෙන් සමරනු ලබන 74 වැනි ජාතික නිදහස් දිනය උදා වී තිබේ.

ඉතිහාසය පුරාම නිදහස දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි සැම විවිධ කැපකිරීම් කළෙමු.

අධිරාජ්‍ය පාලනයෙන් නිදහස දිනා ගැනීම උදෙසා කළ එවන් අරගල යුද ශක්තියෙන් ද දේශපාලන ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද ක්‍රියාත්මක විය. ‍

ලේ බිඳක්වත් නොහෙලා යටත් විජිත නිදහස උදාකර ගැනීම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම නායකයෙකුම ජාති ආගම් හා පක්ෂ පාට භේද තොරව එදා එකාවන්ව සටන් කිරීමේ ප්‍රතිඵලයකි.

74 වසරකට පෙර ලැබූ එම නිදහසේ සැබෑ ආශ්වාදය අභ්‍යන්තර අරගල සහ දශක තුනක ත්‍රස්තවාදී යුද්ධය නිසා මෙරට ජනතාවට අහිමි විය. විරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීමට නායකත්වය දෙමින් මීට වසර 13කට පෙර යුද්ධය නිමා කොට ජනතාවට බියෙන් සැකෙන් තොර රටක් නැවත උරුම කර දීමට අපිට හැකිවිය.

 අප උදා කළ ඒ නිදහස නැවත අභියෝගයට ලක්වෙමින් තිබියදී රටේ පාලනය නැවත භාරගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කළ අපි ලෝක වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු මිනිස් ජීවිත සහ ආර්ථිකය නගා සිටුවීමේ දැවැන්ත අරමුණ ජයගැනීමට පෙළ ගැසී සිටිමු.

මෙම පීඩාකාරී වසංගත තත්ත්වයෙන් ජීවිත නිදහස් කොට ආරක්ෂා කිරීමේ රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල මේ වනවිට ලෝක මට්ටමේ ඇගයීමට ලක්වීම අපි සියලු දෙනා රටක් ලෙස ලැබූ ජයග්‍රහණයකි.

 දැන් එළැඹ ඇත්තේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයකි. එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් තුළින් අපට නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.

ජාතික නිදහස් දිනය සමරන අද දිනයේ අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ දෑ හිත කාමී සියලු විරුවන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක උදාව වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමට අපි එක්ව නිදහස අර්ථ ගන්වමු.‍

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...