සිතට ගත යුතු නිදහස

Date:

අපේ මව්බිම දීර්ඝ කාලයක් යුරෝපීය ජාතීන්ගේ ආධිපත්‍යයට යටත්ව ස්වකීය ඉදිරි ගමන අහෝසි කර ගත් රාජ්‍යයකි. වසර හාරසියයකට ආසන්න කාලයක් විදේශාධිපත්‍යයට යටත්ව නිදහස අහෝසි කරගැනීම බරපතළ ඛේදවාචකයකි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීහු අපේ කෘෂිකර්මය විනාශ කළහ. සංස්කෘතිය සෝදා පාළුවට ලක් කළහ. ජන ජීවිතය විකෘති කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස සාමය හා සහජීවනය විනාශ විය. සාමකාමී දිවි පෙවෙත වෙනස් විය. අද අප මුහුණ දෙන බොහෝ ගැටලුවලට යුරෝපීය ජාතීහු වගකිව යුතුය. එහෙත් 1948දී නාමික වශයෙන් දේශපාලනික නිදහසක් දී යුරෝපීයයන් අත සෝදාගෙන තිබේ.අපට නාමමාත්‍රික දේශපාලන නිදහස ලැබෙන්නේ ද පොදුජන අරගල රාශියක ප්‍රතිඵලයක් හැටියටය. අවසන් අරගලවලදී ඉංග්‍රීසිකාරයාගේ වෙඩි ප්‍රහාරවලින් මිය ගිය විශාල පිරිසක් සිටිති. පොදුජනයා නිදහස් සටනට එකතු වී ඇත්තේ මව්බිම හා මව්බිමේ නිදහස වෙනුවෙන් අවංක හැඟීමකින්ය.

සටනට නායකත්වය දුන් වීරයන්ගේ නම් ඉතිහාසයට එකතු වී ඇතත්, නිදහස වෙනුවෙන් දිවි දුන් පොදු ජනයාගේ නම් කොතැනකවත් සඳහන් වී නැත. අපේ ඇතැම් සටන්කරුවෝ තම අඹුව හා දරුවන් අතහැර, දේ‍ෙපාළ අතහැර නිදහස් සටනට එක් වූහ. දේශපාලන නිදහස ලැබෙන විටත් ඔවුන් ජීවතුන් අතර නැත. නිදහස් දා අපේ ආචාරය එම විරුවන් වෙත පුද කළ යුතුය.අද මෙන්ම එදත් පාවාදෙන්නෝ සිටියහ. කත්අදින්නෝ සිටියහ. සිංහලේ අන්තිම රාජ්‍යය බිඳවැටුණේ පාවාදීම හා කත්ඇදීම නිසාය. මේ වනාහි ඉතිහාසයෙන් උගත යුතු පාඩමක් ලෙස පවතී. විදේශ ආධිපත්‍යයට හා ඔවුන්ගේ සූරාකෑමට ලොල් වූ අපතයෝ අදත් සිටිති. එක්තරා ප්‍රසිද්ධ සමාජ ක්‍රියාධරයෙක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන සිය ට්විටර් ගිණුමේ සටහන් ලියා තබයි. එම සටහන්වලින් කියැවෙන්නේ ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් බවය. ඔහුගේ ඉලක්කය නැවත පිබිදෙන අපේ සංචාරක කර්මාන්තය පහළට දැමීමය. ඔහු එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකි.

මව්බිමේ ඉපිද ඉන් පෝෂණය වී ඊට ගරහන පුද්ගලයෝ ද අපට සිටිති. නිදහස සමරන අවස්ථාවක ඔවුන් පිළිබඳව වැටහීම ද ඉතා වැදගත්ය.නිදහස පිළිබඳ කතාන්දරයේදී අපට වැදගත් වන ප්‍රධාන අවස්ථා දෙකක් ඇති බව අපගේ පිළිගැනීමය. පළමු අවස්ථාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබීමය. දෙවන අවස්ථාව කොටි ත්‍ර#ස්තවාදයෙන් නිදහස ලැබීමය.කොටි ත්‍ර$ස්තවාදය බිහි වන්නේ ද එය මෝරා වැඩෙන්නේ ද විදේශ ආධාර හා උපදේශන සහිතවය. කොටි ත්‍රස්තවාදය වසර තිහකට ආසන්න කාලයක් රට තුළ පැවතිණි. එය මිනිසාගේ ජීවත් වීමේ පරම අයිතිය පවා අහෝසි කර තිබිණි. ත්‍ර#ස්තවාදය පරාජය කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට, ත්‍රිවිධ හමුදාවට හා පොලිසියටය.

2009දී සටන අවසන් වූ අතර, ප්‍රභාකරන් ද මරුමුවට පත් විය. එය පොදු ජනයා නිදහස වෙනුවෙන් කිරිබත් කෑ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එකතු වී ඇත. ශ්‍රී ලාංකිකයා යනු අභියෝගවලට මුහුණ දුන් ජාතියකි. තව අතකින් සියලු අභියෝග ජය ගත් ජාතියකි. විදේශ ආක්‍රමණ වේවා, ත්‍රස්තවාදය වේවා, ස්වාභාවික විපත් වේවා ඒවා ඉදිරියෙහි උපායමාර්ගිකව අධිෂ්ඨානයෙන් කටයුතු කොට ජය ගැනීමේ හැකියාව අපට තිබිණි. අදත් එය එසේම පවතී. කොටි ත්‍රස්#තවාදයට අප යටත් වූයේ නැත. විදේශ බලවතුන්ගේ තර්ජනවලට අප බිය වූයේ නැත. සුනාමියට අප පරාජය කරන්නට හැකි වූයේ නැත. කොවිඩ් 19 ලෝක වසංගතයට ද අප පරාජය කිරීමේ හැකියාව නැත. එය මේ වන විටත් සනාථ කර තිබේ. රටක් වශයෙන් හා ජාතියක් වශයෙන් නැඟී සිටීමේ සියලු ශක්‍යතා අපේ ජාතිය සතුය. නිදහස් දා එය ද සිතට ගත යුතු කාරණයකි.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...