ලැව්ගිනි හේතුවෙන් වාර්තාවන චිලියේ මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි,

පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම චිලියේ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් චිලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ, රටේ මධ්‍යයේ සහ දකුණේ මේ වන විට ලැව් ගිනි 92 ක් පවතින බවත්, එහිදී උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින බවත්, මේ වන විට නිවාස 1000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, මරණ සංඛ්‍යාවද ඉහල යනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

සිකුරාදා සිට Quilpué සහ Villa Alemana නගර ආසන්නයේ ඇති වූ ලැව් ගිනි දෙකක් අවම වශයෙන් හෙක්ටයාර 8,000 (අක්කර 19,770) පමණ විනාශ වී ඇති අතර වල්පරයිසෝ ප්‍රදේශයේ ලැව්ගිනි හේතුවෙන් බරපතල තත්වයකට පත්ව තිබේ.

ලැව්ගිනි පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් 19 ක් සහ ගිනි නිවන භටයින් 450 කට වැඩි පිරිසක් එම ප්‍රදේශයන්ට යොමු කර ඇති අතර සිඝ්‍රයෙන් වර්ධනය වන ලැව්ගිනි හේතුවෙන් වඩාත් විපතට පත් ප්‍රදේශ වලට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සමීප වීම අපහසු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...