චීන ජනාධිපතිගෙන් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පිරිනමා ඇත.

ෂී ජින් පිං මහතා කියා සිටින්නේ, චීනය හා ශ්‍රී ලංකාව අවංක සහයෝගයකින් බැඳීසිටින, මිත්‍රශීලි උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් වන බවයි.

මෑත වසරවල දෙරට සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර වර්ධන ප්‍රවණතාවක පවතී. පසුගිය ඔක්තෝබර් මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චීනයේ පැවති තුන්වැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගිතා සම්මේලනයට එක් වූ අතර, තමා සමග පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත් බව ෂී ජින් පිං මහතා සිහිපත් කරයි. තමා ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවය ඉහළින් අගය කරන අතර, වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව සාම්ප්‍රදායික මිතුදම හා ‍අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර එකිනෙකාගේ ප්‍රශ්නවලදී අඛණ්ඩ සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසා ඇත.

එසේම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ සහයෝගිතා තවදුරටත් තහවුරු කරමින් දෙරට ජනතාවට සුබසෙත උදාකිරීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා තම පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...