රනිල් ක්‍රිකට් වෙනුවෙන් දඹුල්ලට

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 04 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රීඩාංගණය විවෘත කිරීම සඳහා හොට (05) දිනයේ එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරයි.නවීකරණය කරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ලෙඩි විදුලි ආලෝක පද්ධතියකින් සැරසෙන පළමු ලාංකේය ක්‍රීඩාංගණය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එකතු කරයි.එසේම පිහිණුම් තටාග පහසුකම් ද,ජල චිකිත්සක ප්‍රතිකාර සඳහා අවශ්‍යය පහසුකම් සහිත ක්‍රීඩා අනතුරු සඳහා ප්‍රතිකාර කිරිමට අවශ්‍යය පුනරුත්ථාපන ඒකකයක් ද මේ ක්‍රීඩාංගණයට ඇතුළත් වෙයි.

දැල් පහසුකම් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍යය කරන නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිවන දඹුල්ල ක්‍රීඩාංගණය උතුර,උතුරු මැද සහ වයඹ පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා පාසල් මට්ටමේ පහළ වයස් කාණ්ඩවල සිට ජාතික මට්ටමේ ක්‍රීඩා සංචිත සඳහා ද ප්‍රයෝජනයක් ගැනීමට හැකි ලෙස ඉහළ පහසුකම් සපයන ක්‍රීඩා පිටියකි.එසේම තරග ආවරණ කටයුතු සඳහා සහභාගි වන දෙස් විදෙස් මාධ්‍යවේදීන් වෙනුවෙන් නව මාධ්‍ය මධස්ථානයක් ද හෙට සිට දඹුල්ල ක්‍රීඩාංගණයේ නව වත්කම් අතරට එක්වීමට නියමිතය.


ජනාධිපතිනරයා සමඟ මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා,වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත,භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද,උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්නත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ත් එක්වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...