හිනිදුම ත්‍රිත්ව ඝාතනය : මනූෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

Date:

හිනිදුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ පුද්ගලයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (පෙබරවාරි 04) දිනයේදී පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බව සඳහන්.

පසුගිය ජනවාරි 30 වනදා රාත්‍රියේ අදාළ ලැගුම්හලේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු මත්පැන් පානය කරමින් සිටියදී යතුරුපැදියකින් එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු T 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි. එහිදී වෙඩිවැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබුණු අතර අනෙක් දෙදෙනා පළාගොස් තිබුණු බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...