ලාංකේය බේස්බෝලයට අනුග්‍රාහකත්වයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 05,(LNW)කොළඹ :

පලදායීතාවය සම්බන්ධයෙන් මාර්ගෝපදේශනය සිය ව්‍යාපාරය කර ගත් සෙන්ටර් ෆෝ ලීන් එක්සලන්ස්, ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට පලදායී මඟ පෙන්වීමක් සිඳු කිරීමට අනුග්‍රාහකයෙකු ලෙස එක් වී ඇත.සිංගප්පූරුව කේන්ද්‍ර කර ගත් සෙන්ටර් ෆෝ ලීන් එක්සලන්ස් ලොව ප්‍රධානතම බේස්බෝල් කණ්ඩායමක් බවට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම පත් කිරීම අරමුණු කරගෙන මෙම අනුග්‍රාහක දායකත්වයට සම්බන්ධ වීමට තීරණය කර ඇත.


කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ මූලධර්ම මත පදනම්, නාස්තිය අඩු කිරීම සහ ක්‍රියාවලීන්හි වටිනාකම වැඩි කිරීම අරමුණු කරගත් ව්‍යාපාරික උපාය මාර්ගයක් වන ලීන් එක්ස්ලන්ස් යන්නත්, ලීන් මැනුෆැක්චරින් හෝ ජස්ට්-ඉන්-ටයිම් (JIT) නිෂ්පාදනය ලෙසද හඳුන්වන අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ කාර්යක්ෂමතාව උපරිම කිරීම අරමුණු කරගත් ටොයොටා නිෂ්පාදන පද්ධතිය (TPS) යන, ටොයොටා විසින් සංවර්ධනය කරන ලද නිෂ්පාදන ක්‍රමවේදය ද සමඟ ක්‍රියාත්මක සෙන්ටර් ෆෝ ලීන් එක්සලන්ස් හී පරිපාලනයේ ඉහළින්ම ශ්‍රී ලංකාවේ බේස්බෝල් හා බැඳුණු ආදරයක් සහ සබඳතාවක් තිබීම ද මෙම අනුග්‍රාහකත්වයට පදනම් වී ඇත.


මෙම අනුග්‍රහය ශ්‍රී ලංකා බේස්බෝල් කෙරෙහි අලුත් මාවතක් විවර කිරීමක් වනු ඇති අතර,මේ ශක්තිය සහ දිරිය පදනම් කර ගනිමින් ඔවුන් ගේ දායකක්වයේ සෙනෙහස ද රැඟෙන ශ්‍රී ලංකා බේස්බෝල් ඉහළ තැනකට සම්ප්‍රාප්ත කිරීම බේස්බෝල් පරිපාලනයේ කැපවීම සහ උනන්දුව මත සිඳුවනු ඇත.

අනාගතයට සූදානම් ජනතාව,අනාගතයට ගැලපෙන ක්‍රියාවලීන්,තිරසාර ව්‍යාපාර පරිවර්තනයක් සඳහා වන දැක්ම සමඟ පෙරගමන් ඇඳෙන සෙන්ටර් ෆෝ ලීන් එක්සලන්ස් සිය අරමුණුවලට සාර්ථකව ළඟාවන අයුරෙන්ම,ශ්‍රී ලංකා බේස්බෝල් පළමු කොට දකුණු ආසියාවේ ප්‍රමුඛයා වෙමින් ද ලොව සාර්ථකම බේස්බෝල් සංස්කෘතින් සහිත ආසියාවේ ප්‍රමුඛයන් අතරට ද පලදායි පියවරක් තබනු දැකීම අපි අපේක්ෂාව කර ගමු.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...