අවම වී මිල රජය නිවේදනය කරයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ (LNW):

වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී, වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් නිවේදනය කළේය.

එම සාකච්ජාව සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන්ද එක්වු.ූ බව සඳහන් වේ.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා,

“අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට.සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට.කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා. සහල් මිල ගැනත් හිතලා., ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.” ලෙස පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...