ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර

Date:

කොළඹ LNW:චීනය ඇමරිකාවේ PVH Corp. සමාගම සහ Illumina, Inc. සමාගම ව්‍යාපාරික විශ්වාසයක් නොමැති ආයතන ලැයිස්තුවට එක් කර තිබෙනවා. චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (4) මේ පිළිබඳ නිවේදනය කළා.

එම නිවේදනයට අනුව, ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සහතික කිරීම සඳහා, “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතිය”, “චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක නීතිය” ඇතුළු නියාමනයන්ට අනුකූලව අදාළ ඇමරිකා‍නු සමාගම් දෙක මෙම ලැයිස්තුවට ඇතුළත් කළ බවයි සඳහන් වන්නේ.

එම සමාගම් දෙක වෙළඳපොලෙහි ගණුදෙනු හා සම්බන්ධ මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද චීනය පවසනවා. එම සමාගම් දෙක චීන සමාගම් කෙරෙහි වෙනස් කොට සලකමින් චීන සමාගම් සමග සාමාන්‍ය ගනුදෙනුවලට ද බාධා කර ඇති බව ද වාර්තා වනවා. එය චීන සමාගම්වල නිත්‍යානුකූල අයිතිවාසිකම්වලට බරපතල ලෙස හානි කිරීමක් බවයි චීනය පවසන්නේ. මෙම සමාගම්වලට එරරෙහිව නිත්‍යානුකූලව පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ‍වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...