ට්‍රම්ප් ගෙන් ධවල මන්දිරයේ ප්‍රධාන වෙනස්කම් 03 ක්?වැඩපුර වියදම ට්‍රම්ප් ගේ අතින්?

Date:

අශෝක ජයතුංග

පෙබරවාරී 05, වොෂින්ටන් LNW :

ජනපති ට්‍රම්ප් ධවල මන්දිරය තුළ ප්‍රධාන වෙනස්කම් තුනක් සිදුකොට තිබේ. ඉන් මූලිකම වන්නේ අති නවීන පහසුකම් සහිතව ජනපතිගේ නාන කාමරය නවීන මට්ටමට ගෙන ඒමය. නවතම ක්‍රමවේදය අනුව ස්නානය සඳහා සැකසූ ජකුසි පහසුකම ද ඊට අයත්ය.

එවැනි වෙනස්කම් නව ජනපතිවරයෙකුට සිදුකිරීමේ අයිතිය ඇතත් ඒ සඳහා ඩොලර් ලක්ෂයකට වඩා වැය කල නොහැක. එහෙත් එම නවීනතම පහසුකම් වලට එම මුදල ප්‍රමාණවත් නොවන නිසා ජනපති ට්‍රම්ප් සිය පෞද්ගලික ධනය ද ඊට වැය කිරීම විශේෂත්වයකි.

ධවල මන්දිරයේ ඉදිරිපස නොව වොෂින්ටන් DC හි කන්ටිටියුෂන් ඇවනිව් වලට මුහුණලා තිබෙන ධවල මන්දිරයේ පසුපස ප්‍රදේශයේ තිබෙන ජනපතිගේ ඔිවල් හැඩයෙන් යුත් නිළ කාර්යාලයේ මේසය මත “Coke button” එකක් සවිකර තිබේ. ට්‍රම්ප් 2017 දී ජනපති වූවිට එය මුලින්ම සවිකල ද ජනපති බයිඩන් පැමිණිවිට එය ගලවා ඉවත්තර තිබිණ. එම බොත්තම ඔබා හැමවිටම සීනි රහිත පාන වර්ග ගෙන්නාගෙන බීම ට්‍රම්ප් නිතර සිදුකිරීම බොත්තම යළි ස්ථාපිත කිරීමට හේතුවය.

ධවල මන්දිරයේ ආහාර සැපයීම හා නවතම ආහාර වට්ටෝරුවක් ලබාදීම ට්‍රම්ප් ගේ තුන්වන වෙනස්කම වේ.ධවල මන්දිරයේ හිටපු ප්‍රධාන සුපවේදී ඇන්ඩ්‍රෙ රෂ් සදහන් කළේ ජනපති බයිඩන් හැමවිටම සෞඛ්‍ය සම්පන්න ආහාර වලට මුල්තැන දුන්න ද ජනපති ට්‍රම්ප් එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන විවිධ බර්ගර් වර්ග හා විවිධ කෝලා පාන වර්ග වැඩි වශයෙන් ආහාරයට ගන්නා බවය. එහෙත් ට්‍රම්ප් බිරිඳ මෙලානියා එසේ නොවන බවත් ඇයත් සෞඛ්‍ය සම්පන්න ආහාර වලට මුල් තැන දෙන නිසා එම පරස්පරය තුළ ට්‍රම්ප් යුවල බොහෝවිට ආහාර ගන්නේ ද එකට නොවන බවය.

ඇමෙරිකානු ජනපති ලෙස පත්වන අය විවිධ වෙනස්කම් සිදු කල ද ජනපතිගේ මේසය වෙනස්කළ නොහැකි වන්නේ ඊට වසර 144 ක ඉතිහාසයක් පවතින බැවිනි. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණ එම මේසය 1880 දී එවකට ඇමෙරිකානු ජනපති රදර්ෆර්ඩ දුන් ඓතිහාසික ත්‍යාගයක්වීම ඊට හේතුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...