දිමුත් යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 05,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ එක් අඳුරු මොහොතක ඔහු නායකත්වයේ වගකීම ගත්තේය.පරාජය වෙමින් තිබුණු කණ්ඩායමක් නායකයෙකු ලෙස කණ්ඩායම ඇතුළත තිබුණු අර්බූද විසදමින් නැවත ජයග්‍රහණය දෙසට හරවන්නට මඟ පෙන්වීය.හෙට ඔහු සිය සියවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් මතු යළිත් ශ්‍රී ලංකාව නියෝජනයට නො‘එනු ඇත.

ඇතැමෙක් ඔහුට සියවන තරගය ලබා දෙනවාටවත් විරුද්ධව අදහස් දක්වා තිබෙනු දුටුවේය.ඒ අපේ රටේ හැටිය.දිමුත් අවසාන තරග තුන තුළ ඉණිම හයකදී අසමත් විය.එකඳු අර්ධ ශතකයක් හෝ ඔහුගේ පිත්තෙන් නොපැමිණියේය.එකතු කරගෙන තිබුණේ ලකුණු 34 ක් පමණි.එහිදී ඔහුගේ හොඳම ඉණිම වී ඇත්තේ ලකුණු 20 කි.ඉතිරි ඉණිම පහේදීම ඔහු ලකුණු 10 ක් හෝ ලබා නැත.

සිය පළමු ටෙස්ට් තරගයට 2017 දී එකතු වූ දිමුත් එම තරගයේදී ද අර්ධ ශතකයක් රැස් කළේය.එතැන් සිට තරග 99 ක් ගෙවා ඇති ඔහුගේ ටෙස්ට් දිවියේ ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් සමඟ ලකුණු 7172 ක් එකතු කරගෙන ඇත.

කෙසේ වුවත් දිමුත් ගෙන ඇත්තේ වැදගත් තීරණයකි.මේ වන විට අවුරුදු 36 ක් වන දිමුත්,විශ්‍රාම යන්නේ තවමත් ඔහු දක්ෂයෙකු ලෙස පිළිගැනෙන බහුතරයක් සිටින සමාජයකය.ඒ විශ්‍රාම සටහන ඔහුගේ පිත්තෙන් විශාල ලකුණු ගණනකින් සළකුණු කළ හැකිනම් එය වැදගත් වනු ඇත.අප දිමුත්ට ඒ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් පසුවන්නෙමු.එසේම සුබ විශ්‍රාම දිවියකට සුබ පතමු

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...