ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල 30%කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේය.
මේ වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය වෙනුවෙන් වැයවන සාමාන්‍ය මිල රු. 37 සිට රු. 29 දක්වා අඩු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
විදුලි ඒකකයක ජනන මිල අඩු නොකර විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් නොමැති අතර
”දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැලසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.


