ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

Date:

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්විධිමත් විමර්ශනයක් කර යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් අද (05) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.

පහර කෑමට ලක්වූ ධීවරයින් සමඟ එම පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් විසින් එය සංවිධානය කර තිබුණි. රැස්කරගෙන ඇති තොරතුරු මත පදනම්ව, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.

2026 ජනවාරි 29 වන දින ශ්‍රී ලාංකික ධීවරයින්ට මුහුදේදී සිදු වූ බව කියන පහරදීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා තමන් දුටු බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් තොරතුරු රැස් කිරීමෙන් පසු, ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිසිදු නිලධාරියෙකු විසින් එවැනි පහරදීමක් සිදු නොකළ බව තහවුරු කළ හැකි බව ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ.

එවන් පසුබිමක අද එම සිද්ධියට යුක්තිය පතා වින්දිත පාර්ශවය විසින් විරෝධතාව සංවිධානය කර තිබුණි.

ධීවරයින්ගේ ජීවනෝපාය ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත්, කිසිදු තත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බවත් ඉන්දියාව නිරන්තරයෙන්ම කියා සිටින බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පාසි.

මෙම කරුණු සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ වී සිටින බව ද ඔවුන් වැඩිදුරටත් දන්වා තිබේ.

ජනවාරි 29 වන දින වෙන්නප්පුවේ වැල්ලමන්කරය ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රා දෙකක සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පහර දුන් බවට ධීවරයින් පිරිසක් චෝදනා කළහ.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වී ශ්‍රී ලංකාවට ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරය සිදු වූ බව ධීවරයින් ප්‍රකාශ කළහ.

ඊට අමතරව, සමස්ත ලංකා බහුදින බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් ප්‍රකාශ කළේ රජය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඔහු චෝදනා කළේ ධීවර යාත්‍රා තුනකට පහර දුන් බවත්, ඉන් දෙකක් ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාව තුළ බවත්, ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් ප්‍රහාරය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තරණය කළ බව පවසමිනි.

ජායාරූප: අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...