ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW:

යුක්රේනය සමග ඇති යුද්ධයට කිසිම ආකාරයකින් සම්බන්ධකම් නැති බවට සහතික කර හදුනාගත් රුසියානුවන් 13 දෙනෙකුට ඉතාලියේදී පෙබරවාරි 06 වන දා ආරම්භ වන ශිත සෘතු ඔල්ම්පිත් උළෙලට රුසියානු ධජයෙන් ඉවත්ව ඔලිම්පික් ධජය යටතේ සහභාගි වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් අවසරය හිමි වි ඇත.


ඔවුන්ගේ සුදුසුකම් ත්‍රිපුද්ගල IOC බාහිර මණ්ඩලයක් විසින් තක්සේරු කරන ලද අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් හෝ යුද ගැති ඉසව්වලට සහභාගී වීම ඇතුළුව යුද්ධයට ක්‍රියාකාරීව සහාය දුන් බව සොයා ගනු ලැබුවහොත් ඔවුන් නුසුදුසු යැයි සලකනු ලැබීම තව දුරටත් වීවෘතව තබා ගනිමින් මෙම තෝරා ගැනීම සිඳු කර ඇත.


එහෙත් මේ තෝරා ගැනීම් සම්බන්ධයෙන් මේ වන යම් යම් ප්‍රශ්න මතුවෙමින් ඇති අතර බීබීසී ය වාර්තා කරන අන්දමට මෙම ත්‍රී පුද්ගල කමිටුවේ සාමාජිකයෙකු වන මොරිනාරි වටනබේ – මාර්තු මාසයේ මොස්කව් වෙත ගිය සංචාරයකදී රුසියාවේ යුද ප්‍රයත්නය අනුමත කරන ලද රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වැළඳ ගන්නා ආකාරය රූගත වී ඇත. එය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න ඇති කරන්නකි.
ස්කෙල්ටන් සූර ව්ලැඩිස්ලාව් හෙරස්කෙවිච් ද නිසැකවම මේ තෝරා ගැනිම් නිවැරදි බවට කිව නොහැකි බව පවසන්නේ මෙවැනි කාරණා පදනම් කරගෙනය.


IOC පැවසුවේ තනි අවස්ථා සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි නමුත් “විධායක මණ්ඩල තීරණයට අනුව,ස්ථාපිත කර ඇති මූලධර්මවලට අනුකූලව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාලෝචනය කර තෝරා ගැනීමට කටයුතු කර ඇති බවය.
ඡායාරූපයේ දක්වා ඇත්තේ මොරිනාරි වටනබේ ගේ සැකයට බදුන් කර ඇති වැළද ගැනීමේ අවස්ථාවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...