දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/05

Date:

1. ශක්තිමත් නව ආර්ථිකයක් සඳහා පදනම දැනටමත් සකස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර අදියර සාර්ථකව නිම කරමින් පසුවන බව ද ප්‍රකාශ කරයි.

2. ජනතාව රවටා සදාකාලිකව දුප්පත් කරන වන දූෂිත දේශපාලන කල්ලිවාදය වෙනස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – දිගු කලක් තිස්සේ රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි “පද්ධතියෙහි වෙනස” එය බව ද පවසයි.

3. 2048 වසර වන විට ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා එක මවකගේ දරුවන් ලෙස කැපවී එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙස්-විදෙස් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

4. රජය බදු වැඩි නොකරන්නේ නම් හෝ ආනයනය මත පාලනයක් පනවමින් සහ වියදම් කපා නොදැමුවහොත්, ශ්‍රී ලංකාව “පතුලක් නැති ආර්ථික, සමාජීයසහ දේශපාලන අගාධයකට” වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ‘ආර්ථික විශේෂඥ’ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ණය දෙන්නන්, ආපසු ගෙවීම් පිළිබඳ අරගල කරමින් සිටින ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග්, සුවිශේෂී ප්‍රකාශයක් සිදු කරයි – 2021 මාර්තු 27 වන දින, එක්සත් ජාතීන්ගේ මුදල් අමාත්‍යවරුන්ගේ සැසිවාරයකදී, ශ්‍රී ලංකාවේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ද නැගී එන ජාතීන්ට “ණය සහන කාලයක්” ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහු පාර්ශ්වික සංවිධාන වලින් ඉල්ලා සිටියේය.

6. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිලියන 7 ක ජනතාවට මානුෂීය ආධාර අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි – ඖෂධ හිඟය, ආහාර අනාරක්‍ෂිතභාවය, ඉන්ධන හිඟය සහ දිගු විදුලි කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපනය වැනි දරුවන්ට අත්‍යාවශ්‍ය සේවාවන් කෙරෙහි දැඩි ලෙස බලපෑමක් ඇති වී ඇති බව ද පවසයි.

7. මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල විරෝධතාවයේ නිරතවූවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනෙකු පෙබරවාරි 17 වැනිදා දක්වා රිමාන්ඩ්! – අධිකරණයට ඉදිරිපත් කළ ක්‍රියාකාරීන් 4 දෙනෙකුට ඇප!

8. ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් බහුලව භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රසිද්ධ ක්‍රිප්ටො-කරන්සි මුදල් ක්‍රියාකරුවකු සහ ප්‍රකෝටිපතියකු වන ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමඟ පැවති සාකච්ඡා සඳහා සාර්ථක ප්‍රතිචාරයක් නොලැබේ.

9. රන් ආලේපිත ක්‍රෙඩිට් කාඩ් සහ රන් ජෙල් අඩංගු කැප්සුල්ස් ගෙන ඒම රටට හොර රහසේ රත්‍රං ගෙන ඒමේ අලුත්ම ක්‍රමයන් බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා ප්‍රකාශ කරයි – කැරට් 22 ට වැඩි රත්‍රන් හඳුනා ගැනීම සඳහා රේගු නිලධාරීන් දැන් තාක්ෂණය යොදා ගනිමින් සිටින බව ද පවසයි.

10. රජයේ රෝහල්වල ක්‍රියාත්මක වන “මත්ද්‍රව්‍ය මාෆියාවක්” හෙළිදරව් කිරීමෙන් පසු තමාට තර්ජන එල්ල වී ඇති බවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරයි – මීට පෙර, සුළු කාර්ය මණ්ඩලයක් විසින් ඔහුගේ කාර්යාලය වැටලූ අවස්ථාවක දී වෛද්‍යවරයා බේරා ගත්තේ පොලීසිය විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...