ජාතික සමගිය විනාශ කළ පොහොට්ටුව ස්වාධීන අපේක්ෂක නාඩගමක නිරත වෙනවා – සජිත් (VIDEO)

Date:

රට තුළ ජාතික සමගිය එකමුතුභාවය පැවතිය යුතු බවත් ජාති ආගම් අතර සමගියක් තිබිය යුතු බවත් සෑම ආගමකම ජාතියකයම ඉන්නේ එක අම්මගේ තාත්තගේ දූ දරුවන් බවත් සිංහල මුස්ලිම් දමිළ බර්ගර් වශයෙන් ජාති බෙදී තිබුණත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් බවත් මේ ජාතික සමගිය පොහොට්ටුව විසින් විනාශ කර මේ වන විට විවිධ ස්වාධීන අපේක්ෂකයන් හරහා නැවතත් ඔවුන්ගේ අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (31) කාත්තන්කුඩියේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

කොවිඩ් සමයේ ආදාහනය ද භූමදානය ද යන ගැටලුවේ දී විද්‍යාවට වඩා ජාතිවාදය මූලික කර ගෙන මුස්ලිම් සහෝදරයන් සමඟ තිබූ වෛරය නිසා ඒ අවස්ථාවේ විද්‍යාව පැත්තකට තබා තමන්ගේ මතය අනුව කටයුතු කළ බවත් මේ තත්ත්වය අපි නතර කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමහර දේශපාලනඥයන් රාජපක්ෂලා කියන්නේ නම් තමන්ගේ ආගම වුනත් පාවා දෙන බව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...

East India Holdings උතුරේ ආර්ථිකය නගාසිටුවීමට අතහිත දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : කලාපීය සංවර්ධනය සඳහා...

වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය වෙනිසියුලාව...