ඔබ කිසිදා නෑසූ ජාතික ගීතය …

Date:

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය යළි සංගීතයෙන් රසවත් කර 1974 දී නිකුත් කළ වෙළුමකි.

ගීය ගායනය කරන්නේ, ටී. එම්. / ප්‍රියා / නිලානි / ක්ලැරන්ස් සුසංයෝගය වන අතර, සංගීතය සපයා තිබෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන විසිනි.

මෙය නිෂ්පාදනය කළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව ‘සූරිය’
ලේබල අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා විසිනුයි.

ලෝකයේ කිසිදු ජාතික ගීයක වාදනය නොවන ලීඩ් ගිටාරයක හඬත් මෙහිදී අපට ඇසෙනවා.

එය මතුවන්නේ ඩික්සන් ගුණරත්නගේ ලීඩ් ගිටාරය තුලින්.

ප්‍රථම වතාවට මේ ජාතික ගීතයේ හාමනී කරන හඬත් අපට ඇසේ.

එදා මේ සංගීතවේදීන් කර ඇත්තේ විප්ලවීය වෙනසකි.

ප්‍රශ්නය නම් එදායින් වසර 50 කට පසුවත් එවැනි වෙනසක් කිරීමට තරම් ධෛර්‍ය්‍යක් අප සතුව තිබේද ?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...