Sunday, March 26, 2023
spot_img

Latest Posts

පළාත් පාලන ආයතනවල සිටින මහජන නියෝජිතයන් 5,100 දක්වා අඩු කිරීමට සැලසුම්

සීමානිර්ණ ජාතික කමිටුවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ කමිටුව මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ලබාගත් යෝජනා, විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා සහ සිය කමිටුවේ යෝජනා සමාලෝචනය කරමින් පළාත් පාලන ආයතනවල සිටින මහජන නියෝජිතයින් සංඛ්‍යාව 8,000 කට අධික බැවින් එය 5,100 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් ඇති බවත්, කමිටුව මේ වනවිට ඒ පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් ලබාගත් යෝජනා, විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා සහ සිය කමිටුවේ යෝජනා සමාලෝචනය කරමින් දිස්ත්‍රික් මට්ටමේ සීමා නිර්ණ කටයුතු පිළිබඳ අවසන් තීරණය නුදුරේදීම ගන්නා බවත්ය.

කොළඹ, ගම්පහ, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 13ක ගමන් කරමින් සිය වාර්තාව සඳහා අවශ්‍ය, අවසන් යෝජනාව ලබා ගෙන ඇති බවත් පොලොන්නරුව, මහනුවර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රිකක් 12ක යෝජනා ඉදිරියේදී අවසන් වශයෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි. මාර්තු මාසයේ අග වන විට එහි අවසන් වාර්තාව භාර දීමට බලාපොරොත්තු බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.