රාජපක්ෂලාගේ හොර දූෂිත සංස්කෘතියට සමගි ජනබලවේගයෙන් තිත – සජිත් (VIDEO)

Date:

පළාත් පාලන ආයතන ජයග්‍රහනයත් සමග මෙරට දේශපාලන සංස්කෘතිය සමගි ජන බලවේගය විසින් වෙනස් කරන බවත් සභාපතිවරයාට උපසභාපතිවරයාට සහ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කිරීම, ජනතා සම්පත් උපයෝගී කර ගෙන මන්ත්‍රීවරුන්ට පොහොසත් වීම තහනම් බවත් රාජපක්ෂලා නිර්මාණය කරපු හොර දූෂිත සංස්කෘතිය සමගි ජන බලවේගය විසින් ඉවත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට ජාතිවාදය, ජාතිභේදය, ආගම්වාදය, ආගම්භේදය අවසන් බවත් ජාතිවාදය ආගම්වාදය වපුරා රට විනාශ කළ රාජපක්ෂ පොහොට්ටුවත් අවසන් නමුත් වර්තමානයේ අලියා සහ පොහොට්ටුව එකට එකතු වී ජනතාවගේ කර පිට බදු පිට බදු පටවමින් ජනතාව පීඩනයට පත් කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පරද්දවන්න අලි පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවා සේ මේ වන විට ජනතාව කබලින් ලිපට දැමීමට ද අලි පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමේ වගකීම ජනතාව සතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (1) කින්නියා හි පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

රටක ආණ්ඩුවකින් සිදු විය යුත්තේ කොන්ද කෙලින් තියන් ජාත්‍යන්තර සංවිධාන සමග ගණුදෙනු කර රට පැත්තෙන් වාසි තීරණ ගැනීම මිස ජනතාව පීඩනයට පත් කිරීම නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගණුදෙනු කරන නමුත් එම ගනුදෙනුව සිදු කරන්නේ මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීමට නොව මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...