මහජන උපයෝගීතා කොමිසමට සාමාජිකයකු පත් කෙරේ

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයකු වශයෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ.

එම කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු පසුගියදා ඉල්ලා අස්වූ අතර ඒ අනුව මෙම පත්කිරීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය මහාභාණ්ඩාගාර ලේකම්වරයා විසින් පසුගිය 02 වනදා ඩග්ලස් නානායක්කාර මහතා වෙත යොමුකර ඇති අතර එහි සඳහන් වන්නේ 2024 ජුලි 16 වනදා දක්වා වලංගු වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බවයි.

RN