නාමල්ව අදත් අධිකරණයට රැගෙන එයි – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමකටත් අධිකරණයෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ඉන්දීය ජාතිකයන් දෙදෙනාට සිතාසි භාරදී තිබේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා, ලබන ජනවාරි මස 18 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් කථානායකවරයාගෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන්...

අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 2,676 දෙනෙකු පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: රට පුරා පවතින අයහපත්...

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටියක් අනුරාධපුරයේදී විවෘත කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා...

දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පූර්ව උපාය මාර්ග ගැනීමට පියවර!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:බාල වයස්කාර දරු දැරියන්...