ගමට යෑමේ අභියෝගය බාරගත් බැසිල් …

Date:

දේශපාලන අසහනයන් වර්ධනය වීමත් සමග ඉන් ප්‍රයෝජන ගැනීමට පසුගිය කාලය පුරාම ලංකාවේ විපක්ෂය ගමට යෑමට පටන් ගත් බව අපි දුටුවෙමු. සජබ, ජවිපෙ වැනි පක්ෂ විවිධ නම් යොදාගෙන ගමට යෑමට ගත්තේය. එසේ ගමට ගිය ව්‍යාපෘතිය බොහෝ විට දැන් අතරමග නතර කර ඇත්තේ ඒවාට ගම තුළින් අපේක්ෂා කළ මට්ටමේ උන්න්දුවක් පෙන්නුම් නොකළ නිසාය. ඇරත් ඒවා හුදු දේශපාලන කථා පෙට්ටි පමණක් වීම නිසා මහජන සහභාගිත්වය බෙහෙවින් අඩුවිය. එසේ ගමට යන අතරතුර විපක්ෂය කීවේ ආණ්ඩුවට ගමේ යාමට නොහැකිව සැඟවී සිටින බවයි. මේ සියල්ල සිත්හි දරාගෙන ඊට වචනයෙන් නොව ක්‍රියාවෙන් ම ගමට යෑමට වැඩපිළිවෙළක් සකස් කිරීමට එක් මිනිසෙක් පමණක් අදිටන් කරගෙන සිටි බව කිසිවෙකු සිතුවේ නැත. ඒ බැසිල් රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ නම් පසුගිය 3 වැනිදා ලංකාවේ ගම් 36000ටම ගියේ රුපියල් බිලියන ගණනක ලංකාවේ එදාමෙදා තුර දියත් කළ විශාලතම ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය ද සමගයි. එක් දිනක් තුළ ලංකාවේ ග්‍රාමසේවා වසම් 14022 තුළ එකවර එකම වේලාවක මෙවන් දැවැන්ත වැඩපිළිවෙළක් ඇරඹීන හා ඒවා සැබෑ ලෙසම ගම තුළ පැලවෙන වැඩක් බවට පත්කිරීම එසේ මෙසේ දෙයක් නම් නොවේ. එහෙත් අප වෙත වාර්තා වන දත්ත අනුව, ව්‍යාපෘතිය පළමු අදියරේ දී ම අතිසාර්ථකත්වයක් අත්කරගෙන ඇත. ලංකාවේ සෑම ග්‍රාමසේවා වසමකම අවම වශයෙන් ව්‍යාපෘති හතක් මේවන විටත් ආරම්භ කර තිබේ. වැඩ ලක්ෂයක් ලෙස එය නම් කළේ ග්‍රාමසේවා වසම් 14022 වැඩිකිරීම 7 වශයෙන් වැඩිකර ගත්විට එන ඉලක්කම ලෙසයි.

වැඩ ලක්ෂයේ විශේෂය නම් රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන යාන්ත්‍රණය හා ජනතා යාන්ත්‍රණය යන තුනම එකම වේදිකාවකට රැගෙන විත් තම අරමුණ සාර්ථක කර ගැනීමට එකාවන්ව වැඩ කිරීමයි. වංචා, දූෂණ, එකිනෙකා අතර ගැටුම් හා කඹ ඇදීම් අවම වන පරිදි මුල සිට ම ගමේ සියළු යාන්ත්‍රණයන්ට සම වගකීම් හා අයිතිවාසිකම් ලැබෙන ලෙස මෙය පහළට ගලා යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් කල්තබාම සැලසුම් කර තිබුණි. ඒ අනුව, සියළු දෙනා ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වන ආකාරය දක්නට ලැබුණි.

වැඩපිළිවෙළ එක් දිනක් තුළ පැවැත්වුවද  ඊට සූදානම් වීම නම් පටන් ගත්තේ අයවැයට පවා කලින් සිටය. මුල්ම පියවර විශ්වවිද්‍යාව ආචාර්යවරු ඇතුළු විවිධ වෘත්තිකයින් කොළඹට ගෙන්වා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දී ප්‍රාදේශීය සභා මට්ටමෙන්  ජනතාව අතරට යවා රාජ්‍ය හා දේශපාලන යාන්ත්‍රණය දැනුවත් කිරීම තුළින් ආරම්භ විය. ඉන් අනතුරු ග්‍රාමසේවා නිලධාරී, ප්‍රාදේශීය ලේකම්ගේ සිට දිසාපති දක්වාත්, ප්‍රාදේශීය සභාවල පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද, අමාත්‍යාංශය අටකට වඩා වැඩි කොටසක අදාළ නිලධාරීන් ද දැනුවත් කිරීම හා පුහුණු කිරීම සිදුකිරීමෙන් අනතුරු වැඩපිළිවෙළ දියත් කෙරුණි.

බඩු බෙදීම නොවේ

වැඩපිළිවෙළ ආරම්භයේ දී ම ප්‍රාදේශීය ලේකම්වරු පවා කල්පනා කළේ මෙය තවත් එක් බඩු බෙදීමේ වැඩපිළිවෙළක් බවයි. එවැනි ඒවා ඉතිහාසයේ විවිධ අවස්ථාවල ලංකාවේ සිදුව ඇත. කෙසේ වෙතත්, මෙය එවැන්නක් නොවන බව ඔවුන් සියළු දෙනා මුහුණට මුහුණ හමුවී බැසිල් රාජපක්ෂ මහතා විසින් ම කළ පැහැදිලි කිරීම්වලින් පසු සනාථ විය. ඔවුන්ගේ උනන්දුව තවත් වැඩි වූයේ ඉන් පසුවයි.

අර්බුද හමුවේ තැවෙනු වෙනුවට වැඩ කිරීම

බැසිල් රාජපක්ෂ යනු ප්‍රශ්න පිට ප්‍රශ්න පැමිණිය ද ඒවා ගැන තැවෙමින් කියවමින් සිටින කෙනෙක් නොවේ. ඔහු ප්‍රායෝගික විසඳුම් හඹා යන්නෙකි. ඒ සඳහා තම කාලය, ශ්‍රමය හා බුද්ධිය කැපකරන්නෙකි. වත්මනෙහි පවතින වසංගත වටපිටාව තුළ රටෙි විවිධ ප්‍රශ්න ඇති බව අවිවාදිතය. ඒ ප්‍රශ්නනලට විසඳුම බොහෝ විට ලෝක මට්ටමින් ලබාගත යුතු ඒවායි. උදාහරණ ලෙස භාණ්ඩ හිගවීම මත අද බොහෝ ආනයනික භාණ්ඩවල මිළ ඉහළ ගොස් තිබේ. ඒ මත දේශීය භාණ්ඩව මත ඉල්ලුම වැඩි වී ඒවා ද මිළ ඉහළ ගොස්ය. මේවාට කෙටි විසඳුම් ඇත්තේ නැත. එසේ සෙවිමෙන් පලක් ද නැත. එකම විසඳුම ගමේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීමයි. බැසිල් වැඩ ලක්ෂයක් හරහා මුල්ගල තැබූවේ ඒ අත්‍යාවශ්‍ය පිම්මට නොවේ ද? ලෝක මට්ටමෙන් ආර්ථික උච්ඡාවචන කුමක් වුවත් ගම නොසෙල්වී තබා ගැනීමට එකම විසඳුම මෙය නොවේද? අපේ භූමිය, අපේ පස, අපේ ව්‍යවසායකත්වය ප්‍රයෝජනයට ගන්නා ග්‍රාමීය ආර්ථික මොඩලය ජන සහභාගිත්වය සහිතව සක්‍රීය ව තබා ගැනීමෙන් අපට ඉදිරියේ දී සිදුවන හැළහැප්පිලිවලට බොහෝමයකට මුහුණ දෙන ක්‍රමය වනු ඇත.

යැපුම් ක්‍රමයක් පමණක් නොවේ

වැඩ ලක්ෂය යනු හුදු යැපුම් ආර්ථික ක්‍රමයක් නොවේ. එය නිෂ්පාදන හා අළෙවි ක්‍රමයකි. ගමේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ද විවිධ මට්ටමෙන් අලෙවි ජාල ද මේ වැඩපිළිවෙළ යටතේ ප්‍රායෝගික යථාර්ථයක් වනු ඇත. Homeshop ක්‍රමය යටතේ රටපුරා නිෂ්පාදන අලෙවිසැල් 14022 එන්නේ ඒ අනුවයි. ඊට දැනටමත් රුපියල් මිලියන 15000ක් මුදාහැර ඇත. තවද ප්‍රාදේශීය මට්ටමෙන් ගමේ ආරම්භ වන ව්‍යාවසායවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවි කලාප බිහිවීමට නියමිතය. මේ අනුව, බලන විට මෙම වැඩපිළිවෙළ ඉදිරි කාලය තුළ ලංකාවේ ගම තුළ කරනු ලබන වෙනස අතිමහත් වනු ඇත.

දේශපාලන පුරාජේරුවක් නොවේ

ඇතැමුන් කියා තිබුණේ වැඩ ලක්ෂය හරහා බැසිල් තම ජනාධිපති සටන ආරම්භ කළ බවය. පළමුව කිව යුත්තේ මෙවන් වැඩ පිළිවෙළක් සාර්ථක ව ඉදිරියට ගියහොත් එය දේශපාලන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරිම කිසිවෙකු විසින් අමුතුවෙන් කළ යුතු දෙයක් නොවේ. එය නිරායාසයෙන් සිදුවන්නකි. කෙසේ වෙතත්, මැතිවරණ නැති මේ සමයේ මෙම වැඩසටහන නම් කිසිදු දේශපාලන අරමුණක් සහිත එකක් නොවේ. එය මෙරට ජනතාව මුහුණ දෙය වත්මන් අභියෝග හමුවේ ඔවුන් ඉන් මුදා ගැනීම සඳහා ගත හැකි උපරිම ප්‍රායෝගික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමකි. ඒ බැසිල්ගේ ස්වභාවයයි, ඔහුගේ වැඩ කලාවේ ව්‍යාකරණයයි. ඔහු වැඩ කරන්නේ ජනතාවගේ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලැබෙන දේවල් ඉලක්ක කරගෙන මිස හුදු තාවකාලික මානසික සුවතා පෙති ලබා දෙන අරමුණින් නොවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...