අපි ගාව සංදර්ශන නෑ. අපි ගාව ඇත්තේ සංවර්ධනයයි – සජිත්

Date:

සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන දේශපාලන පක්ෂයක් මිස, එය සංදර්ශන දේශපාලනය මත යැපෙන දේශපාලන පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව එදා සිට දිවුවේත් අද දුවන්නෙත් මිත්‍යාව පස්සේ බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් ඇතුලු පිරිස විද්‍යාත්මකව කරුණු ගෙන හැර පානවිට ආණ්ඩුව උපහාසයෙන් සිනාසුන බවද පැවසීය.

කොරෝනා එන්නත් රටට රැගෙන එන්නැයි කියා ආණ්ඩුවට බලපෑම් කරමින් ඉල්ලා සිටියදීත් ආණ්ඩුව කළේ මිත්‍යාවන් පිටුපස දිව යෑම බව පැවසූ විපක්ෂ නායකතුමා රටට අදත් විඳීමට සිදුව ඇත්තේ එහි ආදීනව බවද පැවසීය.

සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් දිවුලපිටිය ආසන බලමණ්ඩලයේ රැස්වීම ඊයේ (04) පැවැත්විණි. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

සංවර්ධනයේ කොටස් ගණනාවක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, එයින් එක් කොටසක් පමණක් අල්ලාගෙන ඇතැම් විකල්ප කණ්ඩායම් සමගි ජන බලවේගය වැඩපිළිවෙළ විවේචනය කරන බව පැවසූ අතර ඒ විවේචන කරන කිසිවෙකුත් කයිවාරු නිසා වැඩ නොකරන බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...