මේ ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ්ය කියන්නේ බොරුවක් – ඇමති ගම්මන්පිල ආණ්ඩුවේම රෙදි ගළවයි

Date:

වත්මන් ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය යැයි ආණ්ඩුවේ බොහෝ අය පවසන කතාව බොරුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

“ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. බොහෝ අය මේ අර්බුදය හඳූනාගෙන නෑ. අර්බුදය නොදැන අර්බුදයට උත්තර හොයන්නත් බෑ. බොහෝ දෙනා පවසන්නේ මෙය කොවිඩ් වසංගතය නිසා ඇතිවෙච්ච අර්බුදයක් බවයි. ගෝලීය අර්බුදයක් බවයි. ඒක බොරුවක්. මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාව පදනමකින් තොරව ඉවක් බවක් නැතිව ණය ගත්ත නිසා. ණය අර්බුදයක්. අපි ඉතිහාසය පුරාම ණයට අරන් වියදම් කරපු ජාතියක්. උපයලා වියදම් කරනවා වෙනුවට ණයට අරන් වියදම් කිරීමේ සංස්කෘතිය අපි 1950 දශකයේ ඉඳන්ම පවත්වාගෙන ආවා, අද එය තවදුරටත් ණය ගත නොහැකි මට්ටමකට මේ ණය උගුලේ අපි සිරවෙලා ඉන්නවා. ඒ නිසා සමස්ත ජාතියම එකට ගැටගැහිලා මේ අර්බුදයෙන් ගොඩයන්න නම් සිරිලක දේ සිරිසැප දේ කියලා වැඩිවැඩියෙන් වවන්න, වැඩිවැඩියෙන් හදන්න පෙළඹෙන්න ඕනෙ. ඒ සඳහා අවශ්‍ය ආදර්ශය කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් දේශපාලන නායකයින් විසින් සැපයිය යුතුයි”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ය.

අතිවිශාල ඉන්ධන නාස්තියක් සිදුකරමින් නිදහස් දින උත්සවය වැනි රාජ්‍ය උත්සව පැවැත්වීම වරදක් බවත් එසේ උත්සව නොපවත්වන්නැයි තමන් කැබිනට් මණ්ඩලයේදී පවා ඉල්ලීමක් කළ නමුත් එය නොසලකා හැර ඇති බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...