කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට්ටුවෙන් මානව හිමිකම් කඩවෙලාද? (VIDEO)

අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම කඩ නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේය.

ඒ, අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය අසීමිත බලයක් නොවන අතර එයට සීමා පවතින බවත් ඒ අනුව මහජන සෞඛ්‍ය එහි සීමාවක් බවත් මහානාමහේවා මහතා කියා සිටියේය.

ඒ අනුව එම ගැසට් නිවේදනය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ නොවන අතර බහුතරයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් හොඳ පියවරක් බවයි ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...