උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය දඹුල්ලේ දී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): අද(05) දඹුල්ලේ දී උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත. නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන අරමුණින් මෙය සිදුවේ.

එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම සිදු වනු ඇත.

ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම සමාරම්භක උත්සවයේදී සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් ලබා දීමට නියමිත අතර , අනතුරුව මෙම වැඩසටහන මෙරට තිබෙන ග්‍රාමසේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම උරුමය පිලිබඳ අද සවස 5.45ට ජනපති විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...