උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය දඹුල්ලේ දී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): අද(05) දඹුල්ලේ දී උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත. නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන අරමුණින් මෙය සිදුවේ.

එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම සිදු වනු ඇත.

ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම සමාරම්භක උත්සවයේදී සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් ලබා දීමට නියමිත අතර , අනතුරුව මෙම වැඩසටහන මෙරට තිබෙන ග්‍රාමසේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම උරුමය පිලිබඳ අද සවස 5.45ට ජනපති විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...