සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 05 කොළඹ (LNW):
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ඇප මත නිදහස් කර ඇති බව සඳහන් වේ.
ඒ, වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
එහිදී සැකකාර රියදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.