අරම මෙහෙම වෙලා මෙහෙම අරම වෙලා එහෙම උනොත්…?

මට හිතෙන හැටියට අදටත් මාලිමා සීන් එකේ බේරිලා ඉන්නේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ ලාල් කාන්ත.

ඊයේ වී වලට පාලන මිළක් නියම කිරීමේ මාධ්‍ය සාකච්චාවෙදි මාධ්‍යකාරයෝ රටේ නැති ඒවා අහද්දී පොර මෙහෙම කියනවා. ”දැන් අපි උත්තරයක් දුන්න නේ. ඒක තමයි උත්තරේ. අරක මෙහෙම වෙලා මෙහෙම අරක වෙලා අරම මෙහෙම වුණොත් ඒක අපි බලාගන්නම්. දැන් ඔය උත්තරේ ලියාගන්න”.

මම කියන්නේ මෙහෙම උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි මාධ්‍යකාරයෝ දේශපාලනඥයෝ වටේ යවන්න එන වෙලාවට. ලාල්ට ඒ කොන්ද තියනවා. පොර බයත් නැහැ. දේශපාලනය පීචං වෙන්න දෙන්නේ නැහැ.

අනික් එක තමයි එයා එයාගේ පැත්තෙන් මහා ලොකු බොරු කියන්නේ නැහැ. මාලිමාව වේදිකාවේ කිව්ව අසම්බන්ද හතරවරං කෙබර ලාල් කිව්වේ නැහැ. ඒ නිසා ලාල්ගේ වීඩියෝ ක්ලිප් හදල කට්ටිය නෝන්ඩිකරන්නේ නැහැ. පොරට මිම්ස් හදන්නෙත් නැහැ. ඒ නිසා ලාල්ගේ පැත්තෙන් දේශපාලනය නෝන්ඩි වෙන්නේ නැහැ.

තිබ්බ දේශපාලන සුනාමිය එක්කත් පොර අනවශ්‍ය අනන්‍යතා අර්බුදයකට ගියේ නැහැ. රැල්ලේ ජනප්‍රිය බව අඩුවෙන කොට ඒ එක්ක බැහැල යන්නෙත් නැහැ.

අදත් එදා වගේම පවතිනවා. පොර හෙටත් ඔහොමම ඉඳී.

මාලිමාවේ කෙනෙක් හැටියට අදටත් මීඩියාවල මම දකින්න කැමති කෙනෙක්.

(මටනම් ඇමතිතුමා කියන්න හිතෙන්නෙත් නැහැ. අතිගරු කියන්න හිතෙන්නෙත් නැහැ. සහෝදරයා කියන්න හිතෙන්නෙත් නැහැ. මට හිතෙන්නේ ඒ තමයි ලාල්).

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...