ජනාධිපති හා නීතිපති අතර හමුවක්!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවීමට නියමිත බව සඳහන්.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිදුවීම මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන අතර එම කාරණය මුලික කරගනිමින් මෙම හමුව සිදුවෙන බවයි වාර්තා වන්නේ.

නීතිපතිවරයාගේ එම නිර්දේශයට ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නොමැති අතර එම නිර්දේශය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවටයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද පවසා සිටියේ.

කෙසේවෙතත් නීතිපතිවරයාගේ මෙම අන්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද දහවල් 12 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...