සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 06,(LNW)කොළඹ :
අභියාචනාධිකරණ නියෝගයක් ඇතුව රගර් නිලවරණය පැවත්වීමට යෝජනා වී,පත් කරන ලද නිලවරණ කමිටුව මඟින් අවශ්‍යය වැඩ කටයුතු කරගෙන යන මොහොතේදී ආසියානු රගර් සභාපතිවරයාගේ බලපෑමකට යටත්ව නිලවරණය නැවත්වී යැයි,පළාත් සංගම් අභායාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු අනුව අධිකරණයට අපහාසයක් වි ඇද්දැයි විමසා බැලීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා 2025 පෙබරවාරි 05 වන දින අධිකරණයේ පෙනී සිටිය යුතුව තිබුණත් ඔහු අධිකරණයට නොපැමිණි නිසා මාර්තු 23 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා,අභියාචනාධිකරණයෙන් නොතිසී නිකුත් කර තිබෙනවා.
මේ වන විට නිලවරණ කමිටුව විසින් අපේක්ෂකත්වය පිළිනොගත් සභාපති තනතුරට තරග කිරීමේ අපේක්ෂාවෙන් සිටි ලසිත ගුණරත්න ද නිලවරණ කමිටුවට එරෙහිව,දිස්ත්‍රික් අධිකරණයේ වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.එම නිලවරණ කමිටුව පත්කිරීමේ වගකීම අභියාචනාධිකරන නියෝගය අනුව පැවරුණු පුද්ගලයෙක් වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම තත්ත්වය ගැන දිස්ත්‍රික් අධිකරණයට හෝ තමන්ට නියෝගය ලබා දුන් අභියාචනාධිකරණයට දැන්වීම වෙනුවට,ආසියානු සභාපතිවරයාගේ ලිපිය මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ගවලට පිවිසෙමින් ජාත්‍යන්තර සම්මේලනයට වසරක කාලයක් ව්‍යවස්ථා සංශෝධනය සහ නිලවරණය සඳහා කල් ඉල්ලා තිබෙනවා.
ඔහු තාවකාලික බලධාරියා ලෙස හැසිරෙමින් අධිකරණයෙන් එන නියෝග ජාත්‍යන්තර රගර් සම්මේලනයට හෝ ආසියානු සම්මේලනයට දන්වා,රටේ නීතිය අනුව ක්‍රියාත්මක වෙමින් නිලවරණය පවත්වා,පරණ ව්‍යවස්ථාව අනුව පැවත්වෙන නිලවරණයෙන් පසුව පත්වන නිලධාරි මණ්ඩලය සමඟ කටයුතු කරන ලෙස දැන්වීම වෙනුවට,අධිකරණ නියෝගය ද දෙවැනි කොට ආසියානු සභාපතිවරයාගේ උවමනාවන් වෙනුවෙන් හැසිරෙන බවක් පෙනෙන්නට තිබෙනවා.
අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රටක අධිකරණ තීරණයක් නොසළකා,තමන්ගේ නියෝග මත වැඩ කළ යුතු බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දන්වා තිබෙනවාද යන්න පැහැදිළි නැහැ.එසේ වුව ද ශ්‍රී ලාංකේය පුරවැසියෙක් ලෙස එසේ කටයුතු කිරීමේ අයිතියක් ඔහුට තිබිය නොහැකියි.අමාත්‍යවරුන් තිදෙනෙක් යටතේම මේ රගර් ප්‍රශ්නය සමඟ ඔට්ටු වී ඇති කරගත් සබඳතා මත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ දායකත්වය ඇතුව රගර් ව්‍යවස්ථාව සංශෝධනයට ගන්නා උත්සාහයක් පැහැදිළිව පෙනෙන්නට තිබෙන අතර අත්දැකීම් ඇති හමුදා නිලධාරියෙකු ද වන ඔහු අභියාචනාධිකරණය මඟින් දුන් තීන්දුවක් සහ දිස්ත්‍රික් අධිකරණයක් මගින් දුන් තින්දුවක වෙනස ගැන නොදන්නවා විය නොහැකියි.එහෙත් වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔහු එම අධිකරණ දෙකටම ඇති වී තිබෙන තත්ත්වය දන්වා නීතිමය උපදෙස් ගැනීමයි.එහෙත් ඔහු එම කාරණා නොසැලකිල්ලට ගෙන ආසියානු සභාපතිවරයාගේ ලිපිය පදනම් කරගෙන කටයුුතු කරමින් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා නිලවරණය පැවිත්වීම කෙරෙහි වසරක කාලයක් ඉල්ලා සිටිනවා.එය ද අධිකරණ නියෝගයේ ඇති පරිදි නිලවරණය පවත්වා බලයට එන පරිපාලනයට වගකීමක් ලෙස පවරන බව ද දන්වා නැහැ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3.webp)