මහින්දගේ පිහිටට “අසල්වැසි ලොකු අයියා” ඉදිරිපත් වෙයි ?

Date:

මේ දවස්වල ශ්‍රී ලංකාවේ ලොකුම ජාතික ප්‍රශ්නය වෙලා තියෙන්නෙ, හරියටම කිව්වොත් ලොකුම ජාතික ප්‍රශ්නය කරලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂගෙ නිල නිවසනෙ. මාස දෙකෙන් රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියන කට්ටිය ඊළඟ වැඩේ හැටියට තෝරාගෙන තියෙන්නෙ විජේරාම ගෙදර මහින්දගෙන් මුදවාගන්න එකයි කියලා වගේ තමයි පේන්නෙ.

කොහොම වුණත් මේ ගෙවල් කුලී ප්‍රශ්නය ගැන රටේ “අසල්වැසි ලොකු අයියා”ගේත් අවධානය යොමුවෙලා කියලා ආරංචියි. ඔය ගෙදරින් අයින් වෙලා ගියා නම් හරි කියලාත් ඒකෙ ලොකුම දේශපාලන වාසිය ලැබෙන්නෙ මහින්දටම තමා කියලාත් අසල්වැසි ලොකු අයියා පහුගිය දවසක මහින්දට දැනුම් දීලා ලු. ඔය වගේ දෙකක් විතර ලොකු ගෙයක් වුණත් හොයාගෙන යන්න ය, අවශ්‍ය නම් ඒකට යන ගාණ වුණත් ඒගොල්ලන් දෙන්න සූදානම් ය, කියලාත් අසල්වැසි ලොකු අයියා දැනුම් දීලා කියලා තමයි ආරංචි.

ඔය රට වටේ යන ගමන් මහින්දගෙන් ගෙවල් කුලී ඉල්ලන එක්කෙනා ගැනත් එයාගෙ පාටි එකේ කට්ටිය ගැනත් අසල්වැසි ලොකු අයියාගේ හොඳහිත බොහෝම කෙටි කාලයක් ඇතුළත පළුදු වෙලා ලු. ඉස්සරහට කෙරෙන්න තියෙන මහා පරිමාණ ව්‍යාපෘති ටිකක් ගැන එහෙමත් අසල්වැසි ලොකු අයියාගෙ නියෝජිතයෙක් මහින්ද එක්ක බරට සාකච්ඡා කරලා ලු. මේ පාර්ලිමේන්තු සීට් එකක්වත් නැති මහින්ද එක්ක ලොකු අයියා එව්වා ගැන කතා කළේ ඇයි කියන එකම “මාර වැඩේ” කියලා තමයි තතුදත් කට්ටිය කියන්නෙ.

කොහොමවුණත් ළඟ එන පුංචි ඡන්දයට ලොකුම තුරුම්පුව හැටියට හාහාපුරා කියලා ගෙවල් කුලිය අල්ලාගත්තු උදවියට ඔය කුලිය නිසාම රිටර්න් එක හම්බෙන සයිස් එකක් ලු තියෙනවා කියන්නේ. පිට්ටනියෙවත් හිටපු නැති මහින්දව ස්ටේජ් එකට කර පිටින්ම උස්සගෙනම ඇවිත් තිබ්බා වගේ එකක් ලු දැන් වෙලා තියෙන්නෙ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...