ඉතිහාසයේ පළමු වරට ලබන වසර වෙනුවෙනුත් ඖෂධ ඇනවුම් කරලා!

Date:

කොළඹ LNW:ඉතිහාසයේ පළමු වරට ලබන වසර සඳහාත් ඖෂධ ඇනවුම් කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වෛද්‍ය සැපයුම් අංශය මඟින් ජනවාරි 31 වැනිදා වන විට ලබන වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඇණුවුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයීම් අංශය යන ආයතන සියල්ල මේ වන විට එක්ව කටයුතු කරනවා. ඖෂධ ලියාපදිංචිය සඳහා පැවැති ලිපිගොනු 2100ක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ තිබුණා. එය 447ක් දක්වා අඩු කර තිබෙනවා. ජනවාරි මාසයේ පමණක් ෆයිල් 330කට ලියාපදිංචිය දුන්නා. අප්‍රේල් මාසය වන විට සියලු ලිපිගොනු ලියාපදිංචි කිරීම් සිදු කරනවා. වෛද්‍ය සැපයීම් අංශය තුළ ගැටලුවක් තිබුණා. රෝහල්වලින් ඉල්ලන ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා ලබාදීමේදී කාලයක් ගත වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට මාස 9ක් පමණ ගත වෙනවා. එවැනි විටකදී 2026 ඇණවුම මේ වන විට කළ යුතුයි. අපේ ආණ්ඩුව යටතේ එය මේ වන විට සිදු කර තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා ඒ පිළිබඳව තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...