මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලක පිටත බිත්තියක කපරාරිඋවේ සිමෙන්ති බදාම කොටසක් හිසට කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15, මෝදර, රන්දිය උයන පදිංචි මොටීර් සඳරුවන් නමැති හත් හැවිරිදි කුඩා දරුවෙකි.

පෙරේදා (04) උදෑසන 08.30ට පමණ මෙම දරුවා මහල් නිවාස සංකීර්ණය අසල සෙල්ලම් කරමින් සිටියදී එක්වරම එම සිමෙන්ති බදාම තට්ටුව ඔහුගේ හිස මතට කඩා වැටී ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (05) අලුයම මියගොස් ඇති බව සඳහන්.

අදාළ මහල් නිවාස සංකීර්ණයේ පිටත බිත්තියේ කපරාරුවේ සිමෙන්ති බදාම තට්ටු කැඩී වැටෙන අවදානමක් පවතින බවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කර තිබුණද, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි අසල්වැසියන් චෝදනා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...