13 ගැන සංවාදය දේශපාලන උගුලක්. අහුවෙන්න එපා – ටිල්වින් සිල්වා

Date:

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් කරළියට ගෙනැවිත් තිබෙන්නේ රටේ ඇත්ත ප්‍රශ්න යටගැසීමේ දේශපාලන උගුලක් වශයෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“දැන් මේ 13 ගැන ආපහු එනවානෙ කතාවක්. අපි ඒකට අභියෝග කරනවා රනිල් වික්‍රමසිංහයි, දිනේෂ් ගුණවර්ධනයි, මහින්ද රාජපක්ෂයි තුන්දෙනා එකතුවෙලා අපට එකට කියන්නකො තුන්දෙනාගේ ස්ථාවරය සමානද කියලා. ඒගොල්ලොනෙ ආණ්ඬුව. ඊටපස්සෙ අපට පුළුවන් අපේ මතය මොකක්ද කියලා කියන්න. මේ බොරු කතන්දරයක් අල්ලන් මේ මොකක්ද කරන්නෙ ? අපේ රටේ මේ නැවත ජාතිවාදය අවුස්සලා රටේ ඇත්ත සංවාදය යට ගහලා වෙන සංවාද මතු කරන දේශපාලන තක්කඩිකමක්, දේශපාලන උගුලක් අටවලා තියෙන්නෙ”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (05) බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...