මිනිසුන්ගේ අයිතිවාසිකම් එළිපිට ගිනිගන්නවා.තවත් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා! (VIDEO)

Date:

නව බදු ප්‍රතිපත්තියට වෘත්තිකයින් වෙතින් එල්ල වී තිබෙන විරෝධය ආණ්ඩුව විසින් තවදුරටත් නොසලකා හැර තිබීම නිසා එළඹෙන 08 වැනිදා රට පුරා වෘත්තිකයින් සංකේත වැඩ වර්ජනයකට සූදානම් බව අද (06) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ඒ අනුව,සෞඛ්‍ය,විදුලි, විශ්ව විද්‍යාල,ගුවන් සේවා, ජාල සම්පාදන ඇතුළු සියලුම වෘත්තීය සේවා එදිනට අඩපණ වන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක නදීශ සිල්වා මහතා පැවසුවේ තවදුරටත් විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සිදුකිරීම හැර ප්‍රධාන රැස්වීම්වලට සහභාගී නොවීමට විධායක සභාව තීරණයක් ගත් බවයි.

මේ වන විට මිනිසුන්ගේ අයිතිවාසිකම් එළිපිට ගිනිගනිමින් තිබෙන අතර රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනතාවගේ බෙලි කපන තැනට පත්ව තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ආණ්ඩුව දැන් උත්සහ කරමින් ඉන්නේ ප්‍රචණ්ඩ ප්‍රතිවිරෝධයක් දක්වා ජනතාව රැගෙන ගොස් ජන්ද අයිතිය උදුරා ගැනීමටද යන ප්‍රශ්නය පවතින බවද නදීශ සිල්වා මහතා ප්‍රකාශ කළේය.

”ඉතිහාසයේ අපි කවදාවත් දැකල නැහැ වෘත්තිකයින් මෙතරම් විරෝධය දක්වද්දීත් ඒ හඩට ඇහුම්කන් නොදෙන දේශපාලකයන් මේ රටේ ජීවත් වෙනවා. අපිට සාධාරණ සැකයක් තිබෙනවා මේ ප්‍රශ්නය උඩු දුවන්න දීලා වගකීමත් අවසානයේ රටේ පුරවැසියෝ වෙන වෘත්තිකයෝ වෙන අපි අතරටම දාලා ජන්ද අයිතියත් නැති කරන්නද හදන්නේ කියල. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා එහෙම සෙල්ලම් දාන්න එපා. දැන් දොං නම් දොං සිමං නම් සිමං,ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා ඉදිරිය ඉතාම භයානකයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...