සියලුම විදෙස් ණය ගෙවනවා. පළමු ඩොලර් මිලියනය දෙන්න කැනඩා සහෝදරයෙක් දැන්ම සූදානම් – ජවිපෙ මුදල් ඇමති (VIDEO)

Date:

ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මේ රටේ සියලුම විදේශ ණය ගෙවා අවසන් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජවිපෙට හිතවත් විදෙස්ගත සහෝදරවරුන් දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ණය ගන්න රටක් නෙවෙයි ලංකාව. අපේ දරුවො ඉගනගත්තෙ ණය ගන්න රටක් හැටියට, අපි ඉගනගත්තෙත් ණය ගන්න රටක් හැටියට. අපෙ තාත්තලා අම්මලා ඉගනගත්තෙත් ණය ගන්න රටක් හැටියට. හැබැයි අපි සහතික වෙනවා අපේ අනාගත දරුවන්ට ශ්‍රී ලංකාව කියන්නෙ ආසියාවේ ණයකාර රටක් නෙවෙයි, තියෙන ණයත් ගෙවලා ඕනෙ නම් කාටහරි ණය දෙන්න පුළුවන් රටක් බවට අපට පත්කරන්න පුළුවන්. ඒ සඳහා කැපවීම තියෙන මිනිස්සු ඉන්නවා, ඒ සඳහා දායකත්වය සපයන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒ සඳහා මේ රටේ විතරක් නෙවෙයි ලෝකය පුරා දැනුම ගෙනියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. දුප්පත් මිනිස්සු පෝසත් කරන්න පුළුවන්, පෝසත් මිනිස්සු තවත් පෝසත් කරන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් හදන්න පුළුවන් අපට. ඒ හැකියාව, දැනුම තියෙන මිනිස්සුන්ගෙ ආරම්භක කණ්ඩායම තමයි මේ එකතුවෙලා ඉන්නෙ.

අද විදේශගත ශ්‍රී ලාංකිකයො ඉන්නවා ඕනෙ තරම්. මේ ඩොලර් අර්බුදය ඉස්සරහා මං එක උදාහරණයක් කියන්නම්. මට කැනඩාවේ සහෝදරයෙක් කතා කළා. ඔහු මගේ ටෙලිෆෝන් එකේ නම එකතු කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහුගේ දුරකථන අංකය තිබුණා. ඔහු මට කිව්වා ඔබලාගේ රජයක් තුළ පළවෙනි ඩොලර් මිලියනය මම දෙන්න ලෑස්තියි. ඒ ඩොලර් මිලියනය අවුරුදු 4ක් යනකල් මට එපා. මට ඒකට පොළියකුත් එපා. ඒ වගේම ඔබලා හොරාගත්ත අයගේ සල්ලි එකතු කරගෙන, ඒ හොරකම් කරපු සල්ලි එකතු කරගත්තාට පස්සෙ මගේ ඩොලර් මිලියනය ගෙවන්න, මට ඒ ඇති කියලා”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පසුගියදා මාතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

අනාගත ජවිපෙ ආණ්ඩුවක ආර්ථිකය භාර අමාත්‍යවරයා වශයෙන් පත්කරන්නේ සුනිල් හඳුන්නෙත්ති මහතාව බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...