කිලෝව රුපියල් 90 බැගින් රජය වී මිලදී ගැනීම අරඹ​යි. හාල් මිලට මොනවා වෙයිද ?

Date:

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 90කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 92 කට මිලදී ගැනීමට ඊයේ දින (05) පියවර ගෙන තිබුණි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම් මෙලෙස ආරම්භ කර ඇත්​තේ රජය පෙර ප්‍රකාශයට පත් කර ති​බූ රු. 75ක සහතික මිල ඉක්මවා යමිනි.

දිනකට වී මෙට්‍රික් ටොන් 1500 කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගැනීම සිදු කළ බව​ත් අම්පාරෙන් ආරම්භ ​වූ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථක එකක් ​වූ බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇ​ත.

ඒ අනුව ප්‍රමිතියෙන් යුතු කීරී සම්බා වී කිලෝවක් රුපියල් 95කට, සම්බා වී කිලෝවක් රුපියල් 92 කටත් නාඩු වී කිලෝවක් රුපියල් 90කටත් මිලදී ගැනුණි.

පසුගිය සමයේ වී ඇතිවූ පොහොර හිඟය නිසා අස්වනු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති බවට ගොවීන් ප්‍රකාශ කරන අතර රජය ඉහළ මිලකට වී මිලදී ගැනීම ආරම්භ කරන්නේ ඊට පිළිතුරු වශයෙනි.

කෙසේවෙතත් වී කිලෝවක් රුපියල් 90කට වඩා වැඩි මිලකට අලෙවි වන්නේ නම් සහල් කිලෝවක මිල කීයක් දක්වා වැඩිවේද යන්න ගැටලුවක් වී තිබේ. දැනටත් සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 160ක් වැනි මට්ටමක පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...