ප්‍රධාන පෙළේ කොල්ල කල්ලියක් පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW):

දිවයිනේ ප්‍රදේශ රැසක මහා පරිමාණ කොල්ල කෑම් සිදුකළ  ප්‍රධාන පෙළේ කොල්ල කල්ලියක් කොටුකර ගැනීමට හලාවත හා පුත්තලම අපරාධ විමර්ශන ඒකක සමත්වී ඇත.

ඔවුන් හලාවත ලීසිං සමාගමක සේප්පුව කපා රුපියල් ලක්ෂ 70ක මුදලක් සොරාගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ පොලිසිය නවීන තාක්ෂණය යොදාගනිමින් කොල්ල කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත .

එහි ප්‍රධාන සැකකරු දෙණියාය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර කොළඹ, කොටුව  ප්‍ර දේශයේ කුලී පදනමට ලබාගත් ස්තානයක් උපයෝගී කරගනිමින් සොරකම සිදු කළ බව හෙළිව ඇත .

මෙම කොල්ල කල්ලියේ ප්‍රධාන සැකකරු හා තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර මොවුන් කුරුණෑගල මූල්‍ය ආයතනයක රුපියල් කෝටි එකහමාරක් කොල්ල කෑම,  අනුරාධපුර ඇතුළු තවත් ප්‍ර දේශකිහිපයක මහා පරිමාණ කොල්ල කෑම් සිදු කිරීම ආදියට සෘජුව සම්බන්ධ වී ඇති බවට පොලිසිය පවසයි.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...