*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ප්‍රභාත් එක්වරම ප්‍රභාව විහිඳුවයි..ඇෆගන් අසරණ වෙයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 06, කොළඹ (LNW): ඇෆ්ගනිස්තානය සමඟ ටෙස්ට් තරගය ආරම්භ කරන විට පොළව තුළ සමහරු වපුරමින් සිටියේ ඇෆ්ගන්ලගෙනුත් කෑමක් වැනි කතාවකි.එහෙත් සියයට සියයක් එකඟ නැති තෝරා දුන් කණ්ඩායම ඇෆ්ගනිස්තානය ලකුණු 198 ට සීමා කළේය.පිළිතුරු ඉණිමේදි ඇන්ජලෝ මැතිවිස්,දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න පදනම් කරගෙන ලකුණු පූවරුව 439 දක්වා ඔසවා තැබීය.එහෙත් දෙවන ඉණිමේදී ඇෆ්ගනිස්තානය පළමු කඩුල්ලට ලකුනු 106 කසබඳතාවයක් ඇති කර ගනිමින් හොඳ ප්‍රවේශයක් ලබා ගත්තේය.තරගයේ තෙවන දින තරගය නතර කරන විට ඇෆ්ගනිස්තානය සිටියේ එක කඩුල්ලකට ලකුණු 199 ක් ලබා ගෙනය. සිව්වන දිනය ආරම්භයේදී ද හොඳ ස්ථාවර මට්ටමකින් පන්දුවට පහර දෙන බවක් දැක් වුව ද, ලකුණු පූවරුව 237 ක් ව තිබියදී ඇෆ්ගන් දෙවන ඉණිමේ නැංගුරම වූ ඉබ්‍රහීම් ෂර්ධාන් ලකුණු 114 ට තෙවන කඩුල්ල හැටියට දැවී යාමෙන් පසුව තත්ත්වය තදින් වෙනස් වන්නට විය.
ඉබ්‍රාහීම් කෙළින්ම කඩුල්ලේ පන්දුව වැදීමෙන් දවා ගනිමින් දෙවන ඉණිමේ ඇෆ්ගන් කඩුලු දඩයම ආරම්භ කරන ප්‍රභාත් ජයසූරිය දිවා භෝජනය වන විට ඇෆ්ගන් ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 251 ක් කිරීමට පෙරමුණ ගන්නේය.ඉන් කඩුලු 4 ක් ජයසූරියගේ ය.දිවා භෝජනයේ සිට තේ පානය දක්වා වන කාලය තුළ සියල්ල හමාර කරන්නට සමත් වන ශ්‍රී ලංකාව ඇෆ්ගන් ඉණිම ලකුණු296 ට සීමා කරන්නේය.

පිළිතුරු ඉණිම හෙවත් ජයග්‍රහණය තෙක් ශ්‍රී ලංකාවට ලකුණු 55 ක් රැස් කිරීමට අවශ්‍යය වන්නේය.ඒ සඳහා ගතවන්නේ පන්දු ඕවර් 7.2 කි.කිසිඳු කඩුල්ලක් නොදැවී කඩුලු 10 ක ජයග්‍රහණයකට යාමට ශ්‍රී ලංකාවට හැකි විය.දැන් තත්ත්වය තරමක් වෙනස් වී ඇත.ඇෆ්ගන් වෙතින් පරාජය වීමේ අපේක්ෂාවන් දල්වා සිටි පිරිසට අනුව මේ ටෙස්ට් පිටියේ ලදරුවන්ට එරෙහි ජයකි.
මේ රටක පුරවැසි අනන්‍යතාවය පෙන්වන අවස්ථාවකි.යමක් පිළිබඳව විශ්වාසය හෝ අවිශ්වාසය ඇති වූ පසුව පුරවැසියාට අවශ්‍යය වන්නේ සිඳුවන දේ සම්බන්ධයෙන් විචාරයක් නොවේය.තමන්ට අවශ්‍යය පරිදි දේවල් සිඳුවන්නටය.සතුට හෝ දුක යනු විෂයකට නැතිනම් සිඳුවීමකට අදාළ දෙයක් නොවන ඒ සංස්කෘතිය ඇතුළේ තමන් කුමන හෝ දෙයකට ඇබ්බැහි වී ඇත්නම් සහ විශ්වාස කරන්නට පටන්ගෙන ඇත්නම්,වැදගත් ඒ දේ ජය ගැනීමය.
තත්ත්වය කෙසේ වුව ද,ඇෆ්ගනිස්තානු ක්‍රිකට් යනු විස්සය විස්ස සහ එක්දින ක්‍රිකට්වලට නෑකම් කියන එකකි.අද ලොව පුරා සිටින ප්‍රදර්ශනාත්මක සැණකෙළි ක්‍රිකට්වල ලොකු ලංසු ඇති ඇෆ්ගනිස්තානුවන් සමඟ වන විස්සයි විස්ස හරඹ සහ එක්දින හරඹ පහසු නැත.වෙනස් වන්නට අවශ්‍යය වන්නේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උඩට ඒම සිඳු විය යුතු එම පිටියේදී ය.ඔළුව තුළ ඇති කර තිබෙන කම්පනය විසින් පාලනය කරන ආකාරයට ටෙස්ට් තරගයේදී පවා ඇෆ්ගන් ලකුණු පූවරුව බලාපොරොත්තු නොවුණු හැටියට ඉහළ යන මොහොතේ ඒ මොහොතට අදාළව තමන් විශ්වාස කරන ක්‍රිකට් වෙනුවෙන් එළියට පැනපු අදහස් අපි වින්දෙමු.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෙස හදුනාගන්න තිබෙන්නේම පුද්ගල ව්‍යාපෘති බලය අපේක්ෂාවෙන් පතුරන දේ ය.ක්‍රිකට් සඳහා ඇති අධි මුදල විසින් එය රටේ ක්‍රීඩාව ඉක්මවා ගිය දේශපාලනයට ද ඇඟිල්ල දමන්නට ඇති ඉඩ ඔළුව දමන්නට තරම් ලොකු සිඳුරක් කර ගැනීමේ උවමනාව ඇති කරන්නේ ද ඒ නිසාය.මේ වපසරිය ඇතුළේ ක්‍රිකට් පරිපාලනය හෝ පරිපාලකයා යනු පිටියේ සිඳුවන සැසලීම්වල වගඋත්තරකරුවා වීම සහ එම සසැලීම්වල මතුවන ප්‍රහර්ශයට අදාළ නොවන එය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ගිණුමට බැරවීම උපේක්ෂාවෙන් ඉවසා සිටින්නට සිඳුවන සංඛේතයක්ය.

එවැනි වටපිටාවක ඇෆ්ගන් පාලනය කිරිමේ විශ්මය බවට පැය කිහිපයකදී පත් වූ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් තරග 10 දී කඩුලු 67 ක උරුමක්කාරයා වෙමින් තරගය අවසන් කරන්නට මුල් වී තරගයේ වීරයා විය.ජයග්‍රාහී ඇෆ්ගන් තරගයේ ඔහුගේ පලදාව ලකුණු 174 ට කඩුලු 8 කි.පළමු පිම්ම පැන අවසන්ය.දැන් ඇත්තේ එක්දින සහ විස්සයි විස්ස කඩඉම් ය.මේවා ක්‍රීඩකයින්ගේ හැකියාවෙන් දිනා ගත් තරග වී ලෝකයේ ක්‍රිකට් වර්ගීකරණයන් හා සසඳ්දදී එම තරගාවලිය පාලකයන්ගේ වරදින් පරදින්නට ද ඉඩ ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් හී උපේක්ෂාව දැක ගැනීමට හැකි අවස්ථාවන් මුණ ගැසෙන්නේ එතැනදී ය.

සිස්ටම් චේන්ජ් කරන්නට ද එහිම කොටසක් වන මල්වතු සහ අස්ගිරි නාහිමි බැහැදැක අවසර ගත යුතුය යන සිතුවිල්ලේම ගැවසෙන සමාජයක විෂයානුබද්ධ චින්තනයකට පිවිස යමක් දෙස බලන්නට හුරුවන තැනක් හමුවන තෙක් ක්‍රිකට් යනු දින්නොත් ක්‍රීඩකයන්ගේ පැරදුණොත් පාලකයන්ගේ වන තැනකය. ඇත්තටම බොහෝ ක්‍රීඩාවන් රටම ආවරණය වන පරිදි මව් සංගමයේ තුරුළට ගන්නට නොහැකි මට්ටමේ භෞතික සම්පත්වලින් දුක්බරව සිටින බව ඇත්තකි.ඒ ඇත්ත ඇතුළේ හැඩ ගැසුණු පුරවැසි චින්තනයකට දැනෙන හැටි සමාජ දේශපාලනික කාරණා විසින් ඇති කරන ලද කම්පනයකින් උපන්නකි.අසාධාරණ ද සාධාරණ ද නැද්ද යන්න සිතා ගන්නට බැරි ප්‍රපංචයකි.
කෙසේ හෝ රටක් වශයෙන් පරාජිතව සිටින සහ ඉන් නැඟිටින්නට හුස්ම හොයමින් සිටින අවකාශයක ක්‍රිකට් ජයග්‍රහණයක් වුව රටකට නැවත නැගිටිව හැකිය යන සංඛේතය පුරවැසියාට සුළුවෙන් හෝ ඇති කරන බැවින් මේ ටෙස්ට් තරග ජය ශ්‍රී ලංකාවට වැදගත්ය.

එසේම ශ්‍රී ලංකාවේ ටෙස්ට් ඉතිහාසය ගත්තද ආධුනිකත්වය ගෙවෙමින් තිබියදී ශ්‍රී ලංකාව වෙත ටෙස්ට් තරගයක් දීමට බොහෝ රටවල් මැලි වූහ.අදවන විට ඇෆ්ගනිස්තානය සිටින්නේ ද එවැනිම අවධියකය.විස්සයි විස්ස සහ එක්දින මට්ටමේදී ඔවුන් ලෝකයම හොල්ලන මට්ටමක සිටියත්,ටෙස්ට් යන බමුණු කුලගෙයට වැද්දා ගැනීමට පහසුවෙන් දොර ඇරෙන්නේ නැත.එවැනි තැනක ශ්‍රී ලංකාව දොර හරින්නට යතුර භාරදිම වැදගත්ය.ටෙස්ට් වංශය වෙනම පවතින බවට හොඳම උදාහරණයක් ලෙස කොදෙව්වන්ගේ පසුබෑම ගත හැකිය.කලෙක සුදු ටෙස්ට් වංශවතුන්ගේ කඳවුරේ සිටි ආඩම්බරකාර කල්ලා වූ කොදෙව්වන්ගේ බිඳ වැටීමත් සමඟ සමහර ටෙස්ට් ජාතීන් ඔවුන්ට දුන් ටෙස්ට් තරග පහේ තරග අවස්ථා අහිමි කර ඇත.ඒ නිසා ලැබෙන තත්ත්වයේදී අනෙකාට උපකාර කිරීම සහ සමාන කොට සැළකීම හොඳ ගතයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan