Home පුවත් සෞඛ්‍ය වෘත්තිකයින් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්!

සෞඛ්‍ය වෘත්තිකයින් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW):

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.

අද දහවල් 12ට මුදල් අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසා ඇත.

ඒ අනුව රවී කුමුදේශ් සඳහන් කළේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.